ඒ කොහොම කිව්වත් ඉතින් ජන්කුක් අතෑරියෙත් නෑ. ඒ නිසාම මම සුපුරුදු විදිහටම වදුරු පැටියා එල්ලන් යන වදුරු අම්මා වගෙ එයාවත් එල්ලගෙන ෆ්‍රිජ් එක ලගට, සින්ක් එක ලගට, එකී මෙකී නොකී හැම වැඩටම එහෙමෙහෙ ඇවිද්දා.

එයාට සද්දෙ දැම්මට මම කැමති එයා එහෙම ඉන්නවටත්.

රයිස් කුකර් එකත් ලගට ගත්ත මම මගෙ සුපුරුදු බත් බෝල ටික හදන්න පටන් ගත්තා. ඒත් වැඩේ දෙක වෙන්න පටන් ගත්තෙ මගෙ පිටේ එල්ලිලා ඉන්න වදුරු පැටියා අතේ දුරින් තියන කැරට් කෑලි ටික කන්න පටන් ගත්ත නිසා. ඕවා සයිස් බලබල අමාරුවෙන් හැඩ කැපුවෙ මෙයාට මෙහෙම කාලා දාන්නනේ මම!.

එකක් දෙකක්නම් කමකුත් නෑ. මේක එකකට පස්සෙ එකක් ඔක්කොම කනවා!. කපටි ජන්කුක් ඒ කැරට් හය්යෙන් හැපුවෙත් නෑ. හැබැයි එයාට අමතක වෙලා එයා ඔලුව තියාගෙන ඉන්නෙ මගේ කන ළඟ බව. එයාගෙ දත් වලට කැඩෙන කැරට් කෑලිවල ජරස්බරස් සද්දෙ මගෙ එක කනකට හොදට ඇහෙනවා.

"එපා!.."

කැරට් බෝල් එකට හිමින් සීරුවෙ යන අතට මම ගැහුවෙ ජන්කුක් ඉක්මනින් අත අරගෙන ආයෙම මගෙ ඇදුම අස්සෙන් හංගගද්දි. කපටියා!.... ඒත් ඒ විනාඩි කීපයකට විතරමයි. මට එක බත් බෝලයක්වත් වත් හරියට හදාගන්න නොදි ආයෙමත් ඒ අත ටික ටික කැරට් බෝල් එක පැත්තට යනවා. ජන්කුක් හිතන් ඉන්නෙ එයා කරන දේවල් මට ඇස් කොනෙන් පේන්නෑ කියලද කොහෙද!?

"එපා කිව්වම ඉතින්"

ඒ පාරනම් මම ගහන්න කරන්න ගියෙ නෑ. ඒත් මගෙ කටේ සද්දෙ ඇහෙද්දිම ආයෙමත් ඒ අත මගෙ ඇදුම අස්සෙ හැංගුණා. හරියට කැරට් හොරා එයා නෙවෙයි වගේ...

ඉන්පස්සෙ ටික වෙලාවක් නිදහසේ තිබුනට මොකද ආයෙමත්!

බැරිම තැන ජන්කුක්ව තල්ලු කරපු මම අත් දෙකත් පපුව ලගින් බැදගෙන එයාගෙ පැත්තට හැරුනා. කොල්ලට කලබලේට අතට ගත්ත කැරට් කෑල්ල කටේ ඔබාගත්තට ඒක හපන්න උනෙත් නැ.

"දැන් ඔයා ඔක්කොම කාලා දැම්මම මම ලන්ච් බොක්ස් එකට දාන්නෙ මොනාද!?"

"ඒකට ඕන්නෑ ඉතින්"

"එතකොට මිස්ටර් ජියෝන් දවල්ට කන්න හිතන් ඉන්නෙ දත්මිටිද ආහ්?"

Second Chance || JJK (Completed) Where stories live. Discover now