"මූයෝ-"

"අනේ.."

ජන්කුක් තවත් වාද කරන්න ගියේ නෑ. කොල්ලා එක පාරින්ම හාදුව දීලා දැම්මෙ කෙල්ලගෙ තොල් වට ටූත්පේස්ට් කෙල පැල්ලමකුත් ඉතුරු කරලා. එහෙම නොකලනම් මූයෝන් කීයටවත් එයාට කට සෝදන්න දෙන්නෑනේ. ජන්කුක් ඒක දුන්න නිසා මූයෝන් ජන්කුක්ට ඉතුරු වැඩ ටික කරගන්න දීලා පිස්සු කෙල්ලෙක් වගෙ උඩපැනපැන හිනාවෙවී එලියට ගියා.

ජන්කුක්ට මේක දැන් පුරුදුයි. මූයෝන් දවසට සියපාරක් විතර ජන්කුක්ගෙන් හාදු ගත්තා. එයාට ඒකට වෙලාවක් කලාවක් ඕනි උනේ නෑ. එයාට හිතුන හිතුන ගමන් එයා අහින්සක මූණක් මවාගෙන ජන්කුක්ගෙන් හාදු ගත්තා.

මූයෝන් ජන්කුක්ගෙ හැමදේමත් කරලා දෙන්න උත්සාහ කලා. කෙල්ල හැම වේලකම කොල්ලා කැමති කෑම හැදුවා. ඒවා ලස්සනට පිලිගැන්වුවා, ජන්කුක්ගෙ ඇදුම් පැලදුම් තෝරලා දුන්නා. ලස්සන ලන්ච්බොක්ස් එකක් හැමදාම කොල්ලා වෙනුවෙන් හැදුවා, කොටින්ම කොල්ලගෙ රෙදි පවා බලෙන් හේදුවා. මුලදිනම් ජන්කුක් ගොඩක් අපහසුතාවයට පත් උනා එයාගෙ යටඇදුම් මූයෝන් බලෙන්ම හෝදපු නිසා. ඒත් දැන් ඒක වෙලා වෙලාම කොල්ලටත් ගානක් නැතිව ගිහින්.

බාතෲම් එකෙන් එලියට ආපු ජන්කුක් එයාගෙ මෙට්ටෙ උඩ විසිරිලා තිබුන පොත් පත් පැත්තකින් අහුරන ගමන්ම බ්ලැන්කට් එකත් දිගඇරලා දාලා  නිදාගන්න මෙට්ටෙ හදාගත්තා. බිම කොනකම තියලා තිබුන ටේබල් ලෑම්ප් එක ඔන් කරලා මුලු ගෙදරම ලයිට්ස් ඕෆ් කරපු ජන්කුක්ට පුලුවන් උනේ ආයෙම මෙට්ටෙ ලගට එන්න විතරයි.

තත්පරේකට කොල්ලා ගැස්සිලත් ගියා හිටපු අමුතු බූතයා හින්දා. මූයෝන් කොට්ටෙත් බදාගෙන එයාගෙ ඩයනසෝර් ඇදුමත් එක්කම හිටගෙන ඉන්නවා.

"ඇයි?"

"හී"

කෙල්ල ඊ ගාලා දත් ටික පෙන්නුවා. ජන්කුක් අමුතුවට කෙල්ල දිහා බලන ගමන්ම දිගෑරලා තිබ්බ බ්ලැන්කට් එක අස්සට රිංගගගත්තා. කොල්ලගෙ ඇස් දිගටම රැදිලා තිබුනෙ එයා දිහාම අමුතුවට බලන් ඉන්න කෙල්ල ලග.

"ලයිට් එක ඕෆ් කරන්න එපාද?"

ජන්කුක් ඇහුවෙ එයාගෙ එහාපැත්තෙන් පත්තු වෙවී තියන ටේබල් ලෑම්ප් එක ඇහැ කොනෙන් පෙන්නලා.

Second Chance || JJK (Completed) Onde as histórias ganham vida. Descobre agora