"ජන්කුකා... මම යනවා."

මම බොරුවට කෑ ගැහුවා එයාගෙ උත්තරෙ දැන දැනම. ආහ් ඔය ඇහෙන්නෙ.

"ඉන්න මාත් එනවා. දැන් එනවා!"

කෑගැහුවට මොකද එයා තවමත් ටයි එකවත් දාලා තිබුනේ නෑ. ටයි එක තියා අඩුම ශර්ට් එකෙ බට්න්ස් ටිකවත් දාලා නෑ. දුවගෙන එලියට ආපු ජන්කුක් ආය මොකක් හරි මතක් වෙලා කාමරේට දිව්වා. මේ කොල්ලානම් කොහොම ඔෆිස් එකේ වැඩ කරනවද මන්ද. ඔය කෝලම් ඔෆිස් එකේදිත් දානවද දන්නෑ වටේම ඉන්න ගෑනුන්ගෙ අවධානෙ ගන්න!?.

"යන්ඩෙපෝ! මාත් එක්ක යමූ... ඉන්ඩෝ... ඉම්මන්ට එනෝ!!"

එයා ඇතුලෙ ඉදන්ම කෑගහනවා.ආහ්හ් බය වෙන්නෙපා කොල්ලො... ඔයා කීයට ගියත් මම ඔයා එක්කම තමා එලියට බහින්නෙ. කොහොමත් ජීවිතේ වටිනම අවස්ථා එහෙම ලේසියෙන් මිස් කරගන්න බෑනෙ. ඒත් ඉතින් මම බොරුවට කෑ ගැහුවා.

"එන්න අනේ.. මම යනවා යන්න. මට හොදටම පරක්කු වෙලා දැන්. එන්නෙත් නෑ මෙතන"

"එනවා!.. ඉන්න යන්නෙපා. ඉන්න. මේ එන ගමන්"

ජන්කුක් කෑගැහුවෙ චටපට සද්දෙකුත් ඇහෙනකොට.මට ශුවර් දැන් ක්‍රීම් තලියක් මූණ පුරා උලනවා ඇති. නෑ එයා කරන්නෙ උලන එකත් නෙවෙයි කම්මුල් දෙපැත්තෙන් ලොකු ක්‍රීම් ඩොට් දෙකක් තියලා එයාම කම්මුලට චටපට ගාලා ගහගන්නවා. එහෙම තමයි ජන්කුක් ක්‍රීම් ගෑවෙ. ඊටපස්සෙ තලි පිටින් තියන ටික මූණ පුරා අතුල්ලනවා කණ්නාඩිය දිහාවත් නොබලා. මම කැමති ඒ වෙලාවට එයාව තවත් කලබල කරන්න. එතකොට එයා ක්‍රීම් බාගෙට ගාගෙන එලියට එනවනෙ.

"ඔයා එන්න. මෙන්න කෑම් එක ස්ටූල් එක උඩින් තියන්නම්. මතක් කරලා අරගෙන යන්න. මම යනවා..."

"යන් යන් .. ඉවරයි යන්"

ජන්කුක් ඔෆිස් බෑග්ගෙකත් එල්ලගෙන දුවගෙන ඇවිත් මෝඩ හිනාවක් දැම්මා. කියූට්...  එයා වාඩිවෙලා කලබලේ සපත්තු දාද්දි මම කලේ බාගෙට දාපු ටයි එක එක්කම කොලර් එක හදපු එක. ඊටපස්සෙ මම හැමදාම වගෙ එයාගෙ මූණෙ තට්ටු තට්ටු ඉතිරි වෙලා තිබුන ක්‍රීම් ටික ඇගිලි වලින් පිහදැම්මා. ඇත්තම කිව්වොත් මම කරන්නෙ සුට්ටන් බොරුවක්. මොකද මම ක්‍රීම් ටික පිහදාලා ඉවර උනාමත් චුට්ටක් වෙලා ඒ මූණ අල්ල අල්ල ඉන්නවා. කවුද අල්ල අල්ල ඉන්න අකමැති වෙන්නෙ ඉතින්. ඒවා චීස්කේක් වගෙ සිනිදුයි නේ.

Second Chance || JJK (Completed) Where stories live. Discover now