🌺 𝐏𝐚𝐫𝐭 30 🌺

Start from the beginning
                                    

ජිමින් ඇහුවෙ අහසෙ තිබුන ලස්සන පුංචි තරුවක් පෙන්නන ගමන්...

🌼" ඔව් පොඩි සර්...ඇයි එහෙම අහන්නෙ.."

🐥" අන්නතරුව තමයි මම.. තරුව වටේට ලස්සනට හද එලිය වැටිලා. තව තරු ගොඩක්තරුව දිහා බලන් ඉන්නවා..."

🌼" ඒ කියන්නෙ.." 🙄

🐥" මට සල්ලි, වාහන, ගෙවල්, මගේම කියලා බිස්නස් එකක්.. හැමදේම තියනවා....ඒත්..."

🌼" ඇයි පොඩි සර් ඒත් කියන්නෙ.."

🐥" ඒත් මට හැමීටම වගේ ලැබෙන මට නොලැබුන දෙයක් තියනවා.."

🌼" හ්ම්ම්.."

කෙල්ල මුකුත් නොකිව්වෙ ඒ මොකද්ද කියලා අහන්න තරම් ශක්තියක්, අයිතියක් නැති නිසා..

🐥" ඇයි හ්ම් කියන්නෙ.. මොකද්ද කියලා අහන්නැද්ද.."

🌼" මන් එහෙම අහන එක හරි නෑනෙ පොඩි සර්.."

🐥" එහෙම දෙයක් නෑ ඔයා අහන්න.."

🌼" මොකද්ද ඒ.."

🐥" ආදරේ..."

🌼"ආදරේ කිව්වෙ.. පොඩි සර්ට හැමෝම ආදරෙයිනෙ. "

🐥" හැමෝම කිව්වෙ.."

🌼" පොඩි සර් එක්ක ඉන්න අය, යාලුවො එතකොට ඔම්මයි අප්පයි හැමෝම ආදරෙයිනෙ.."

🐥" එච්චරයිනෙ.."

🌼" ඉතින් එහෙමවත් ආදරේ ලැබෙන්නැති ගොඩක් මිනිස්සු ඉන්නවා පොඩි සර්.."

🐥" සෙමෙට්‍රි එකේද.."

🌼" අනේ නෑ පොඩි සර්.. ජීවත් වෙන මිනිස්සු ගොඩක් ඉන්නවා.."

🐥" ඒ කව්ද ඒ.."

ජිමින් පොඩි එකෙක් වගේ අහද්දි ජීනු උත්තර දෙන්න ගත්තෙ ඔම්මා කෙනෙක්  ලමයෙක්ට කියලා දෙනවා වගේ..

🌼" පොඩි කාලෙම ඔම්මා අප්පා දාලා ගිය ලමයි, කිසිම පිහිටක් නැතුව පාරක් පාරක් ගානෙ හිගාකන ලමයි.. ඒ ලමයින්ට ආදරේ ලැබෙන්නෑ සර්..
අපි දන්න නොදන්න ගොඩක් මිනිස්සු පුංචි ආදරයක්වත් නොලැබ ජීවත් වෙනවා.... පොඩි සර්ට මොනවද අඩු..
අනිවාරෙන් පොඩි සර්ට ආදරේ ලැබෙනවා.. "

🐥" මන් හිතන්නෑ.."

🌼" ඇයි එහෙම කියන්නෙ සර්.."

🐥" මන් එකපාරක් රැවටුනා.."

🌼"එක පාරක් එහෙම උනාට හැමපාරම එහෙම වෙන්නෑ පොඩි සර්.. අර බලන්නකො. පොඩි සර් දැක්කා අර තරුව ලගම බැබලි බැබලි ඉන්න හඳ.. ඒ වගේ සර් ලගත් ආදරයක් ඇති..."

🐥" ජීනු..."

🌼" සර්.."

🐥" මට මගෙ ඔම්මගෙන් පස්සෙ මෙච්චර ආදරණීය වචන ටිකක් අහන්න ලැබුනෙ ඔයාගෙන්...
මගෙ හිත නිවෙනවා.. හරියට ඔම්මා කතා කරනවා වගේ.."

………………………………………………………………………………………………………………

කාලෙකට පස්සෙ නේද ලමයි 😊

ඉස්කෝලෙ වැඩ එක්ක බිසී උනා..
ඒ මදිවට ලව් පස්නයකුත් සෙට් උනානෙ මට 🥲🙌

කෝම කෝම හරි මේක දුන්නා..
හෙට රෑටත් එකක් දෙන්න බලන්නම්..

එහෙනම් මන් යනොව්

පරිස්සමෙන් ඉන්න
බායිම්

ඊලග කොටසින් හම්බෙමු💟

කුරිරු ඕතරී 😈

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now