🌺 𝐏𝐚𝐫𝐭 30 🌺

477 95 18
                                    

💐" ජීනු මේ..අරකි බලනවා බලහන්කො බලන විදිහ..අදුර ගන්න බෑ තාම.කව්ද කියලා බලනවා ඇති.."

🐥" කව්ද රේචල්.."

රේචල් කිව්ව එකඇහුන ජිමින් ඇහුවෙ කුතුහලයෙන්

💐" ආ....අනී...ඒ අපේ කතාවක් බන් "

🐥" අනේ මේ කියපන්කො.."

🌼" අනී පොඩි සර්..මේ ඔෆිස් එකේ යාලුවෙක්.. රේචල් එන්නකො අපි යමු එහාට."

ජීනු එහෙම කියනගමන් රේචල්වත් ඇදන් යන්න හැදුවත් ජිමින් ඉස්සර උනා.

🐥" නෑ....නෑ...රේචල්..මට කියන්න මොකද්ද කියලා.."

💐" නෑ බන්... අර ශේහා ජීනුට කැමති නෑනෙ..."

🐥" වේ..."

💐" ඔෆිස් එකේදි ජීනුට බැනලත් තිබ්බා.."

🌼" අනේ රේචල් අපි යමුකො.."

ජීනු කිව්වෙ හොරෙන් ජිමින් දිහත් බලන ගමන්..

🐥" පොඩ්ඩක් ඉන්නකො ජීනු.. රේචල් ඔයා කියන්න.."

💐" බෝඩිමේදි මේකිට කෑගහනවා.. මේකි ඉතින් පිට්ටු ගිලලා වගේ ඉන්නවා. මොනවත් කියන්නෙවත් නෑ
තාම දන්නෙ නෑ අද ජීනුගෙ බර්ත්ඩේ එක කියලා... දන්නවනම් පපුව පැලිලා මැරෙයි තියන ඉරිසියාවට.."

🐥" හහ්...ඒකි කොහොමද මගෙ ඔෆිස් එකේ ඉදන් එහෙම කරන්නෙ.. හෙටම ඕකිව මම අස් කරනවා.."

🌼" අනේ පොඩි සර් එහෙම කරන්න එපා... එයා තරහා මන් එක්කනෙ... ඒක මන් බලාගන්නම්. පොඩි සර් එයාව අස් කරන්න එපා.."

🐥" අරස්සෝ...එන්නකො යන්න මම බලාගන්නම්.."

🌼" අනේ පොඩි සර්.."

කෙල්ල බෑ කියද්දිම ජිමින් කෙල්ලව ඇදන් කට්ටිය ඉන්න තැනට එක්කන් ගියා...

🐥" අද ජීනුගෙ බර්ත්ඩේ එක.. මේ පාටි එක එයාගෙ බර්ත්ඩේ එක වෙනුවෙන්. හැමෝම හොදට එන්ජෝයි කරන්න... "

ජිමින් කෙල්ලගෙ අතින් අල්ලන් එහෙම කියද්දි ඒක දැකපු ශේහාට තවත් ඉරිසියාව වැඩි වෙන්න ගොඩක් වෙලා ගියෙ නැ...

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now