🌺 𝐏𝐚𝐫𝐭 21 🌺

Start from the beginning
                                    

🐥" ආ...හරි..හරි.."

🐯" මේ අර කෙල්ලට බනිනවා එහෙම නෙවේ 😒 අපිව හෙව්වොත් ටවුන් එකට ගියා කියහන්..උයලා තියෙන්නෙ බඩගිනි උනොත් ජීනුට කන්න කියපන් උබත් කාපන්.."

ටේහ්‍යුන් එක හුස්මට කියන් යද්දි ජිමින් හා කිව්වෙ ටේහ්‍යුන්ටත් රවලා..

🐥" මම පොඩි නින්දක් දාන්න යනවා.. උබලා ගිහින් වරෙන් "

එහෙම කියලා ජිමින් ගියත් ටේහ්‍යුන් රේචල් දෙන්නම දන්නෑ ජිමින් මේ යන්නෙ ජීනු ඉන්න රූම් එකට කියලා..

ජිමින් රූම් එකට ඇවිත් හිමීට දොර වහලා ඇඳ ලගට ආවා..ජීනු ඇදේ අයිනටම ගිහින් ගුලි වෙලා නිදි..

🐥" යකෝ  මේකි නිදන් ඉන්නෙ මට එන්න කියන්න වගේනෙ 🙄.. පොඩි එකෙක් වගේ ගුලි වෙලා නිදි. දැක්කමනම් දුකේ බෑ.. කටනම් තියනවා "

ජිමින් තනියම කියවන ගමන් හිනා වෙවී ජීනු දිහා බලන් ඉදලා බැල්කනියට ගියේ වට පිටාව බලන්න..

බැල්කනියෙන් පේන ලස්සන පරිසරය දිහා බලන් ඉද්දි හිතේ ප්‍රශ්න ටික වෙලාවකට නැති උනා..

🌼" පොඩි සර්..."

ඒ එක්කම ජීනුගෙ කටහඩ ඇහුනා.. ජිමින් හැරෙන්න ගියත් හැරෙන්නවත් වෙලාවක් නොතියා ජීනු ජිමින්ව බැක් හග් කරා...

🐥" ජි....ජීනු...🙄"

ජිමින් උන දේට හොදටම පුදුම වෙලා..

🌼" මට මෙහෙම ඉන්න දෙන්න පොඩි සර්... මන් ආසයි පොඩි සර්ට තුරුල් වෙලා ඉන්න.. අපි යමු නිදාගන්න.මට සර්ට තුරුල් වෙලා ඉන්න ඕනි "

ජිමින්ට හිතාගන්න බෑ මේ මොකද උනේ කියලා..

🐥" අරස්සෝ...අපි යමු..ඔයා ඇයි මන් ලගට කලින් ආවෙ නැත්තෙ.. ඊයෙ රෑ උන දේට මට සමාවෙන්න...ඔයාට රිදෙනවද "

🌼" අපි නිදාගන්න යමු පොඩි සර් "

🐥" හරි යමු "

ජිමින් ජීනුගෙ අතින් අල්ලන් රූම් එක ඇතුලට ගියත් දැක්කෙ ජීනු ඇඳේ නිදියන් ඉන්න විදිහ..

🐥" ම්වෝ..මෙයා කොහොමද මෙතන නිදියන් ඉන්නෙ 🙄"

ජිමින් එහෙම කියමින් එහාපැත්ත බැලුවත් කවුරුත් හිටියෙ නෑ..

🐥" ආහ්...මට දවල් හීනත් පේනවද.. ඒ මදිවට මොනවදදැක්කෙ.මට පිස්සුද මේකි එක්ක නිදියන්න "

ඒ හීනයක්..ජිමින්ට හිතාගන්න බෑ.. ජිමින් ජීනුට ආදරේ කරන්න පටන් අරන්ද..

ඒ එක්කම ජිමින් ජීනු නිදන් ඉන්න ඇඳ ලගට ඇවිත් ඇඳේ අයිනෙන් වාඩි වෙලා ජීනු දිහා බලන් ඉන්නවා..එ එක්කම ජීනු ජිමින් ඉන්න පැත්තට හැරුනා..

ජීනු දිහා ටික වෙලාවක් බලන් ඉදපු ජිමින් ජීනුගෙ මූනෙන් අල්ලන් තොල් වලට බර උනේ ජීනුටත් නොදැනීම..

………………………………………………………………………………………………………………

ජිමින්ට මොකද ඒ වෙලා තියෙන්නෙ ?

කොහොමද ඉතින්..මන් යනෝ
බායි

ඊලග කොටසින් හම්බෙමු💟 ....

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now