4.කොටියා

204 30 24
                                    

"අකීරා....දැන් අඩන්න එපා,කෝ මේ බලන්න අපි හෙටත් ගමුකො කෝල් එකක් හරිද"

උහුම්....කෙල්ල එත් අඩනවා.අම්මයි තාත්තයි මැද තනියෙන් හුරතලේට හැදුන අකීරා කොහොමද එයාල නැතුව තනියෙන් ඉන්නේ.කෙල්ල අඩන එක සාදාරනයි.

"අකීර......."

බැරිම තැන ටෙහියුන්ග් කෙල්ලගේ ඔලුව අරන් එයාගේ පපුවෙන් තියාගෙන එයාව තුරුළු කරගෙන ඔලුව අතගැව.ඒ උණුහුමටද කොහෙද කෙල්ල ටිකෙන් ටික සන්සුන් වුනා.ටිකෙන් ටික සන්සුන් වුන අකීරා ඔලුව උස්සල එයාව තුරුළු කරන ඉන්න ටෙහියුන්ග් දිහා බැලුවා.ටික වෙලාවක් එහෙම බලන් ඉද්දි තමයි කෙල්ලට තේරුනේ එයා ඉන්නේ ටෙහියුන්ග්ට තුරුළු වෙලා කියලා.අඩන එක පැත්තකට දාපු කෙල්ල ටෙහියුන්ග්වත් තල්ලු කරන් එතනින් නැගිට්ට.නැගිටලා කොල්ල දිහා රවලා බලලා

"එයි.....තමුන් කාගෙන් අහලද මාව ඇල්ලුවේ.ගදයා......අඩන කෙල්ලොන්ගෙන් ප්‍රයෝජන ගන්න ලජ්ජා නැද්ද?ගෙම්බා."

මෙහෙම කිව්වා.කියලා එයා දිහා පුදුම වෙලා බලන් ඉන්න ටෙහියුන්ග් ගේ බාහුවක් හය්යෙන් කොනිත්තුවා.

එත් ටෙහියුන්ග්ට නම් ඒක රිදුන බවක් නම් පෙන්නුනේ නැහැ.අකීරගේ රතු වෙච්ච මුණ දැකලා ටේහියුන්ග්ට එකපාරටම හිනා ගියා.

"මෙකි නම් නිකන් අහස වගේ මේ වහිනවා මේ ගොරනවා අනේ මන්ද"

ටෙහියුන්ග් හිතුවා.

"මොකද හිනා වෙන්නේ.ගොටුකොල සුනකයා"

කොල්ලට ආයෙත් හිනා.මේ මොන විකාර නම්ද?

"මොකද?????ඔය පෙට්ටි කට වහගන්නවකෝ හලෝ.කැතේ බැහැ"

අකීරා එහෙම කියලා පස්චාත් බගේත් ගස්ස ගස්සා එතනින් යන්න ගියා.යන්න ගියාට එයා අයෙ ආවා.ඇවිත් එයාගේ ෆෝන් එකත් අරන් කොල්ලට විරිත්තලා අයෙත් යන්න හැරුනා.

ඇවිත් එයාගේ ෆෝන් එකත් අරන් කොල්ලට විරිත්තලා අයෙත් යන්න හැරුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My mischievous fiancee | KTH | 😚⁽ᵒⁿᵍᵒⁱⁿᵍ⁾Where stories live. Discover now