🌺 𝐏𝐚𝐫𝐭 09 🌺

Start from the beginning
                                    

ජිමින් එහෙම කියාගෙන ඉස්සර වෙලා ගියේ ටේහ්‍යුන් පස්සෙන් එද්දි..දෙන්නම ගියේ කාර් එක ලගට..දෙන්නම කාර් එකට නැග්ගා 

🐯" ජිනු බයවෙන්න එපා..අපි දෙන්නම ඉන්නවනෙ.." ..

ටේහ්‍යුන් එහෙම කියද්දි ජීනුට ඉබේම බැලුවෙ ජිමින් දිහා..ජිමින්ට හිතුනෙම ජීනු ටේහ්‍යුන්ට කියයි කියලා 

🐥" හරි බන්...ඒක අවුලක් නෑනෙ..අපි යමුද. ඉක්මනට එන්නත් ඕනිනෙ.."

ජිමින් එහෙම කිව්වෙ කතාව මගාරින්න.

🐯" ජීනු ආ...මේ වතුර එක බොන්නකො.."

ටේහ්‍යුන් එහෙම කියන ගමන් ඉස්සරහ තිබුන වතුර බෝතලයක් අරන් ජීනුට දුන්නා..ජීනු වතුර එක ගත්තගමන් ඔක්කොම වතුර බීගෙන ගියේ හොදටම බයවෙලා හිටපු නිසා..

🐯" හරිනේ....අපි එහෙනම් යමු නේද ජීනු.."

ටේහ්‍යුන් එහෙම ඇහුවම ජීනු හා කියලා ජනේලෙට නිකට තියාගෙන එලිය බලාගත්තා..තාමත් ජීනුගෙ ඇස්වලින් කදුලු වැටෙනවා..

පැයක් විතර ගියත් ජීනුගෙන් හූම් සද්දයක් නෑ.. ජීනු ඉන්නෙ අප්සට් එකේ කියලා තේරුන නිසා ටේහ්‍යුන් කතා කරන්න ගියෙත් නෑ..

උදේට කන්න ගත්ත කෑම දුන්නත් ඒවත් කෑවෙ නෑ..ජිමින්ට දුන්නත් කන්න කැමති නෑ කියලා නොකා හිටියෙ ජීනු ගැන දුකක් දැනුන නිසා..

ජිමින් සැරින් සැරේ කන්නාඩියෙන් ජීනු දිහා බැලුවත් ජීනු තාම අඩනවා... පොඩි එකියෙක් වගෙ පාරේ තියන ගස් වල කොල කඩ කඩ යනවා...

Jimin's mind : දුක හිතිලද කොහෙද... මටත් පිස්සුනෙ ශික්..එකාතකට මට මොකද ඉතින්..ඒකි මගෙ කව්ද 🙄ඔහේ හිටපු දෙන්

ජිමින් එහෙම හිත හිත යද්දි කාර් එක එකපාරට නැවතුනා..

🐯" වේ....මොකද උනේ "

🐥" අනේ මන්දා බන්.."

🐯" මන් කිව්වනෙ උබට මගෙ එකේ යමු කියලා..ඇහුවෙ නෑනෙ"

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now