🌺 𝐏𝐚𝐫𝐭 06 🌺

Comenzar desde el principio
                                    

🐥 " යමන්..යමන් "

ටේහ්‍යුන් ජිමින් දෙන්නා පිටත් උනා.. ටේහ්‍යුන් තමයි කාර් එක ඩ්‍රයිව් කරේ.. ඒ නිසා කොල්ලා පුලුවන් තරම් වේගෙන් ආවෙ ජීනු තනියම නිසා

In the car 🚗

🐯 " මේ....ජීනුට කෝල් එකක් ගනිම් "

🐥 " අනේ මේ උබට ඕනි නම් ගනින් "

🐯 " කිව්වහම අහලා ගනින් යකෝ අපි පරක්කුත් වෙලානෙ "

🐥 " උබ ගනින්..."

🐯 " අම්මපා උබ නම්.....ෆෝන් තාම ඕෆ්නෙ බන්..කරදරයක්...."

ජීනුට කෝල් එකක් ගත්ත ටේහ්‍යුන්ට එච්චර කියන්න ලැබුනෙ

🐯 " අඩෝ අර කව්ද කෙල්ලෙක් දුවන් එනවා නේද ....කට්ටියක් පන්නනවා වගේ "

ටේහ්‍යුන් එහෙම කිව්වෙ එයාලට ඉස්සරහින් දුවන කෙල්ලෙක්ව දැකලා..

🐥 " වෙන කව්ද බන් ඉතින්..සල්ලි වලට යන එකියක් වෙන්න ඇති "

🐯 " සල්ලි වලට යනවනම් පන කඩන් දුවන්නෙ මොකද යකෝ "

කාර් එකෙන් යන ගමන් ජිමින් බලන් ගියේ ඉස්සරහින් දුවන ගෑනු ලමයා දිහා.
හුරුපුරුදු මූනක් එක්ක ඈතින් දැකපු  ලස්සන චාම් කෙල්ල ජිමින්ව වෙනම ලෝකෙකට අරන් ගිහින් තිබුනා.. ජිමින් බලාගෙනම හිටියෙ ඒ දිහා

🐯 " යකෝජීනු නේද "

ටේහ්‍යුන් එහෙම ඇහුවෙ ජිමින්ගෙ කකුලට ගහන ගමන්.ඒත් ජිමින් හරි සිහියක නෙවෙයි හිටියෙ..කාර් එක නවත්තපු ටේහ්‍යුන් අඩියට දෙකට ජීනු ලගට ගියා..

ටේහ්‍යුන්ව දැකපු ජීනු ඉක්මනට ටේහ්‍යුන් ලගට ආවෙ අර මිනිස්සු දිහාත් බලන ගමන්

🌼 " අ....අනේ....ටේහ්....ටේහ්‍යුන් ස..ර්.."

🐯 " මොකද ජීනු මේ "

🌼 " අ....අනේ....අර මිනිස්සු මගෙ පස්සෙන් එනවා."

🐯 " අරස්සෝ....මන් බලාගන්නම් ඔයා කාර් එකට යන්න "

එහෙම කියන ගමන් ජීනුව කාර් එක පැත්තට තල්ලු කරහම ජීනු ඉක්මනට දුවන් ඇවිත් කාර් එකේ පිටිපස්සෙ ශීට් එකට නැගලා ගුලි උනේ තිබුන බයට..

ජිමින් ජීනු දිහා බලන් හිටියෙ අමුතු විදිහට..ඒත් ජීනු නම් ජිමින්ව දැක්කෙ නෑ

ඒ එක්කම ජිමින් හරි සිහියට ඇවිත් ඉස්සරහා බලද්දි ටේහ්‍යුන්ව කට්ටිය වට කරගෙන.ආයෙ පාරක් ජීනු දිහා බලපු ජිමින් කාර් එකෙන් බැහැලා කේන්තියෙන් ඒ දිහාවට ගියා

🐥" මොක්කුද යකෝ උබලා....පලයන් යන්න මෙතනින් මැරුම් නොකා "

ඒ මිනිස්සු බීලා හිටපු නිසයි කොල්ලො දෙන්නගෙ කේන්තිය නිසයි ඉක්මනට එතනින් දුවලා ගියා..

………………………………………………………………………………………………………………

පොඩි කොටසයි දුන්නෙ ලමයි..

මේ දවස්වල වැඩ වැඩී ටිකක්.හෙට සිල් ගන්නත් යන්න තියනවා. මන් හෙට උදේට ඊලග එක දාන්නම් 🙂

බායි👋🏻
සරංහේ මයි බර්ඩ්ස්


කුරිරු ඕතරී😈

නපුරු හදවත [ Evil Heart ] ✔️Donde viven las historias. Descúbrelo ahora