🌺 𝐏𝐚𝐫𝐭 03 🌺

Start from the beginning
                                    

❤️ " පොඩ්ඩක් හිටපන් ටේ...."

ජිමින් එහෙම කියන ගමන් කට කොනින් හිනා වෙලා ෆයිල් එක චෙක් කරන්න ගත්තෙ ටේහ්‍යුන් ආයෙත් පුටුවෙ පිටිපස්සට හේත්තු වෙලා ඉදගෙන රවාගෙන ජිමින් දිහා බලන් ඉද්දි..ජීනුගෙ මූනෙ ලාවට හිනාවක් ඇදුනෙ ජිමින්ගෙයි ටේහ්‍යුන්ගෙයි වැඩ දැකලා..

❤️ " ආ.....මේ හරියට හදලා තියෙන්නෙ..මන් කිව්වොත් තමයි උබට වැඩක් හරියට කරන්න බැරි නේද 🤨 අනිත් උන් කියන ඔක්කොම කරන්න පුලුවන් "

ජිමින් එහෙම කිව්වම බිම බලන් හිටපු ජීනු ඔලුව උස්සලා ජිමින් දිහා බැලුවෙ කදුලු පිරිලා තියන ඇස් දෙකෙන්.. දැනටමත් කදුලු එන ඒ අහිංසක ඇස් දෙක දැක්කම ජිමින්ගෙ හිත හෙල්ලුනෙ නෑ කිව්වොත් බොරුවක්..මොකද ජීනු ජිමින් ඉස්සරහා ඔලුව උස්සලා බලපු මුල් පාර මේක.

🌼 " අනේ එහෙම දෙයක් නෑ සර්... චේබල් ඔහොම කියන්න එපා 🥺 "

🖤 " අනේ ජීනු ඔයා යන්න..මූට පිස්සු. හොද ලමයා වගේ අඩන්නෙ නැතුව යන්නකො "

ටේහ්‍යුන් එහෙම කිව්වම යන්න හදපු ජීනු නැවතුනේ ජිමින් කියපු කතාවට.

❤️ " කාටද යකෝ පිස්සු.... අපේ අප්පට තමා පිස්සු මේ වගේ හිගන්නො මේක අස්සෙ දාගන්නවට "

ජීනු ආපහු හැරිලා ජිමින් දිහා බැලුවෙ ගොඩක් දුකින්.ඒත් ආයෙ යන්න ගියෙ හිතේ ලොකු වේදනාවක් එක්ක.

🖤 " යකෝ උබට පිස්සුද...ඒ කෙල්ලටත් ඇහුනා "

ජීනු ගිය ගමන් ටේහ්‍යුන් ජිමින්ගෙන් ඇහුවෙ මරන් කන්න වගේ.ඒත් ජිමින් කට කොනින් හිනා වෙලා පුටුවට හේත්තු උනා.

❤️ " අනේ මේ....."

🖤 " හරි හරි...හෙට යන්න ලෑස්ති වෙයන්.... නැත්තම් උබෙයි මගෙයි යාලුකම ඉවරයි. කම්පැනියට ඕන මගුලක් උනාවෙ කියලා මන් ආයෙ එන්නෙත් නෑ දැනගනිම්..."

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now