₵Ⱨ₳₱₮ɆⱤ 18

437 64 5
                                    

පසු දිනයේ සිට ම දේවින්දගේ සහ වගීෂගේ පුහුණුවීම් ආරම්භ කළේ ඔවුන් ලබන පුර හඳ පායන දිනය වනවිට බොහෝ බලවත් වී සිටිය යුතු බවට සත්නුවී සහ යොෂ්නුවී හට අණ ලැබී තිබූ බැවිනි. ඔවුන්ගේ කාලය දැනටමත් අවසන් වී ගෙන ගියත් ඔවුන්ට භාර දුන් රාජකාරිය ඉටු නොකර අධිරාජ්‍යයන් අතින් මියදීමට නොහැකිය. කිමද යත් අධිරාජ්‍යාගේ අතින් මරණ දණ්ඩනය ලබන විට නිසැක වශයෙන් ම ඉන් ඔවුන්ගේ ආත්මයන්හි ඉතිරි අර්ධයන්ට විශාල බලපෑමක් ඇති වෙයි. ඉන් ඔවුන් ද මිය යා හැකිය. ඔවුන්ට එසේ වනු දැකීමට සත් සහ යොෂ් දෙදෙනාට අවශ්‍ය නොවීය. දේවින්ද සහ වගීෂ දෙදෙනාට අධිරාජ්‍යයන් හා සටන් කිරීමට ශක්තිය තිබේ. උදව් ද තිබේ. ෂෙනුවි සහ නෙතීශා දෙදෙනා හටද උදව් ලැබෙන බව සැබෑවක් වුවත් නිතරම ඔවුන් අසළ දේවින්ද වගීෂ දෙදෙනාට හෝ තෙනුජ නෙතිශ දෙදෙනාට රැඳී සිටිය නොහැකිය. ඔවුන් අසළ නොමැති වෙලාවක නෙතීශා සහ ෂෙනුවි හට කරදරයක් සිදු වුවහොත් ඔවුන්ට ඉන් තනිවම මිදීමට හැකියාවක් නොතිබේවි.

"උතුමාණනි..හිත එකඟ කරගන්න. ඔබතුමා ඔය ලෙසින් කළොත් නම් සේරම දෙනාව ගල් වෙලා යයි පාලනය ගිළිහිලා"

"උතුමාණනි...හිත එකඟ කරගන්න. නැත්නම් සේරමලාවම පිච්චිලා යාවි"

දේවින්ද සහ වගීෂ දෙදෙනා පුහුණු වීම් ලැබුවේ ස්ථාන දෙකකය. ඒ ඔවුන්ගේ බල හාත්පසින් ම වෙනස් බැවිනි. වගීෂ ජලය සමඟ පුහුණු වීම් ලැබිය යුතු වූ අතර දේවින්ද ගුවනේ සහ පොළවේ දී පුහුණුව ලැබිය යුතු විය. එම නිසා ඔවුන්ගේ පුහුණු වීම් එකම ස්ථානයකදී සිදු කරන්නට නොහැකිය. එසේම ඔවුන්ගේ බලයන් එකට එකතු කර ඔවුන්ට එකට සටන් කළ නොහැකිය. ඔවුන්ගේ බල පරස්පර විරෝධී නිසා ඔවුන්ගේ බලයන් එකතු කළ නොහැකිය. තෙනුජ සහ වගීෂ ද පෙර දින මැදියමේ දී තමන්ට දිව්‍ය මාළිගයෙන් එවන ලද පොතෙහි සඳහන් වන පරිදි තම බල වැඩි දියුණු කිරීම් ආරම්භ කළෝය. ෂෙනුවි සහ නෙතීශා ද දේවින්ද හා වගීෂ දෙදෙනා සමඟ වෙන වෙනම පුහුණු වීම් ලැබුවෝය.

"අපේ බල වෙනස්. ඇත්තටම අපි ගැළපෙන්නේ නැද්ද දේවින්ද?" පුහුණු වීම් නිම කළ එක් සැන්දෑවක මුහුදු වෙරළේ ගල් තලාවක් මත වාඩි වී මුහුදේ රළ දෙස බලා සිටිමින් සිටි වගීෂ දේවින්දගෙන් ඇසුවේය. සුළඟට අවුල් වන වගීෂගේ තරමක් දික් වී තිබූ හිස් කෙස් දෙස බලා සිටි දේවින්දගේ දැහැන බිඳී ගියේ වගීෂ ගේ පැනයෙනි. සුසුමක් හෙලා මුහුද දෙස බැලුවේ වගීෂ ට දෙන්නට පිළිතුරක් සිතන්නට මෙනි.

ł₦₵Ɇ₱₮łØ₦ ✔️Where stories live. Discover now