₵Ⱨ₳₱₮ɆⱤ 22 -𝐹𝒾𝓃𝒶𝓁𝑒

834 57 30
                                    

පුර හඳ පායන්නට පැයකට පමණ පෙර කෙසේ හෝ සෂ් ගුහාව වෙත තෙනුජ සහ නෙතීශ පිටත්ව ගියේ ෂෙනුවිගේ සහ නෙතීශාගේ බලවත් විරෝධය මැද ය. එසේ වුවත් තමන් මෙලොවට පැමිණි කාරණය, තම පොරොන්දුව ඉෂ්ට කරන්නට යන සහෝදරයන් දෙදෙනාට විරුද්ධ වන්නට හැකියාවක් ෂෙනුවි සහ නෙතීශා සතුව ද නොතිබුණි.

තෙනුජ සහ නෙතීශ දෙදෙනා යනු heaven official ලා දෙදෙනකු මෙන් ම ඔවුන්ගේ විශේෂ බලයක් වූයේ අන් අයගේ බලයන් තමන් වෙත පරිවර්තනය කර ගත හැකි හැකියාව ය. කෙසේ වුවත් එය සිදු කිරීමට ඔවුන්ට හැකියාව ඇත්තේ මුළු දිවියටම එක්වරක් පමණක් වන අතර එය සිදු කිරීමට නම් ඔවුන්ගේ ආත්මයන් මනුෂ්‍ය ශරීරයන් තුළ තිබිය යුතුය. එම නිසයි ඔවුන් තම ආත්මයන් දේවින්ද සහ වගීෂ සමග මනුලොවට එවූයේ. මෙය සැබැවින්ම දෙව්ලොව අධිරාජ්‍යයා ගේ අණක් වුවද එය ඉෂ්ට කිරීමට නෙතීෂ සහ තෙනුජ දෙදෙනා ඉටා ගත්තේ ඉතාම සතුටිනි. දෙව්ලොවදී නෙතීෂ සහ තෙනුජ අතර කිසි දිනක ඇති ව නොතිබූ බැඳීමක් මනුලොව දී ඇති වී තිබුණේ මනුෂ්‍යයන් හට හැඟීම් දැනීම් මැනවින් තිබෙන බැවිනි. දෙව්ලොවදී හැඟීම් අතුරුදහන් වේදැයි නිසියාකාරව නොදත්තේ වුවද වසර දස දහසක් එක්වෙන්නට නොහැකිව සිටි දේව්ගීෂ දෙදෙනාව අමතක කර තමන්ගේ ආදරය ගැන පමණක් සිතීමට තෙනුජ සහ නෙතීශ ට අවැසි නොවීය.

සෂ් ගුහාව සක්‍රීය කර දේව්ගීෂ දෙදෙනාගේ බලයන් ලබා ගත් පසු සියල්ලක්ම හොඳ අයුරින් විසඳේ යැයි සිතූවද එය එසේ හොඳ විදිහට තෙනුජ සහ නෙතීශ ගේ දෛවය නොවිසඳෙන්නට ඉඩ ඇත. නමුත් ඔවුන්ගේ දෛවය ඔවුන් සිතනවාට වඩා හොඳ අයුරකින් විසඳීමට ද ඉඩ ඇත. දේවින්ද ගේ සහ වගීෂ ගේ බලයන් තම ශරීරයන් වලට ලබා ගත් පසු ඒ මනුෂ්‍ය ශරීරයන් විනාශ වී යයි. ඒ ශරීරයන් විනාශ වී යද්දි ලබා ගත් බලයන් ආත්මයට අවශෝෂණය වී නැවත තමන්ගේ නියම ස්ථානය වෙතට ආත්මය ගමන් කරයි. දෙව්ලොවදී වුවද තෙනුජට සහ නෙතීශට එක් වන්නට හැකි යැයි සිතුණද දෙව්ලොව සිටින කිසිම නිලධාරියෙකු ළඟ හැඟීම් දැනීම් ඇත්තේ නැත. නැති නම් ඔවුන් දෙදෙනාට එකිනෙකා පිළිබඳව ඒ දිනවල දීම හැඟීමක් ඇති වන්නට ඉඩ තිබුණා නේ. ඔවුන් දේවින්ද සහ වගීෂ දෙදෙනාට වඩා වැඩි කාලයක් එකට ගත කොට තිබුණි. නමුත් ඔවුන් දෙදෙනා හට එවැනි කිසිදු හැඟීමක් ඇති ව නොතිබුණි.

ł₦₵Ɇ₱₮łØ₦ ✔️حيث تعيش القصص. اكتشف الآن