₵Ⱨ₳₱₮ɆⱤ 09

819 111 47
                                    

දේවින්ද සහ වගීෂ වටා මැවුණු දීප්තිමත් නිල් සහ කහ පැහැති ආලෝක වළලු දීප්තීමත් විය....

පසුදින උදෑසන මුහුණට වැටුණු හිරු එළිය නිසා අතින් මුහුණට හිරු එළිය වැටීම වළවක්වමින් ම වගීෂ අවදි වූයේය. අවදි වූ විගස වටපිට බැලු වගීෂ දුටුවේ ඔහු සිටින්නේ තම නිදන කාමරයේ බවය. එහෙත් පෙරදිනයේ තමා සිටියේ මුහුදු වෙරළේ දේවින්ද හා සමඟ බව වගීෂට මතකය. නමුත් තමා කෙසේද නිදන කාමරයේ සිටින්නේ??? තමාට තනිව විසඳාගත නොහැකි වූ නිසා ඔහු driver uncle ගේ නවාතැන් කුටිය වෙතට දුව ගියේ ඔහුගෙන් අසා මේ පිළිබඳව තේරුම් බේරුම් කරගන්නටය. නමුත් driver uncle ගෙන් වගීෂට දැනගන්නට ලැබුණේ ඔහු කිසිලෙසක බලාපොරොත්තු නොවූ පිළිතුරකි.

"බේබි ඊයේ රෑ කොහේවත් ගියේ නෑනේ වාහනෙන්" වගීෂගේ මෙන් ම දේවින්දගේ රියදුරුද කීවේ එසේය.

'එහෙම වෙන්නේ කොහොමද මනුස්සයෝ මන් ඊයේ රෑ අර ගොන් දේවින්දකාරයාව කිස් කළා නේ' කියා කියන්නට කටට ආවත් එය අපහසුවෙන් වළකා ගෙන වගීෂ නැවත කාමරයට ආවේ සිදු වූ දෙය සිතාගන්නටත් නොහැකිවය. දේවින්ද සහ වගීෂ දෙදෙනාම කාමරයට ගොස් ඇඟ සෝදා ගැනීමට කියා නාන කාමරයට ගොඩ වුණේද සිදු වූ දෙය පිළිබඳ ව කල්පනා කරමිනි. ඔවුන් දෙදෙනාටම හොඳට ම විශ්වාසයි ඔවුන් පසුදින රාත්‍රියේ හමු වූ වග. එහෙත් නැවත ගෙදර ආ ආකරය පිළිබඳ ඔවුන්ගේ මතකයේ තිබුණේ නැත. අවසානයේදී තේරුම් කරගන්නට නොහී තැන දේව්ගීෂ දෙදෙනාම සිතින් කාරණය අමතක කළේ සමහරවිට එය සිහිනයක් විය හැකි යැයි සිතාය. එසේ එම සිදුවීම පිළිබඳ අමතක කර දෙදෙනාම එක්විටම shower එක ඇරියෝය.

Shower එකෙන් වැටුණු වතුර වගීෂගේ සහ දේවින්දගේ නිරුවත් සිරුරු දිගේ වෑස්සෙත්ම වගීෂ ව එක්වරම නානකාමරය තුළ ඇද වැටුණි. තමා එක්වරම අඩිය වත් නොතියා ලිස්සීමට හේතුව බලන විට වගීෂ දුටුවේ තම කකුලා වෙනුවට ඔහුගේ යටිකයේ තිබූ දිගැති නිල් පැහැ වරල ය. තම දෙපය වෙනුවට තම කයට සම්බන්ධ වී තිබු ඒ වරල දුටු වගීෂට දෙව්ලොව පෙනුනි. දේවින්ද ගේ සිරුර දිගේ ජලය වෑස්සෙත්ම ඔහුගේ ශරීරය ගින්නකට වතුර ඉසූ කල්හි එය විශාල දුමාරයක් සහිතව නිවී යන්නාක් සේ දුම් දමන්නට විය. කොතරම් වතුර දමන්නට උත්සහ කළත් එම දුමාරය සිරුරෙන් නික්මීම වැඩි වුණා මිසක් අඩු වූයේ නම් නැත. දේවින්ද සහ වගීෂ තම සිරුරු වලට සිදු වී තිබූ හදිසි වෙනස නිසා බියෙන් ත්‍රස්ත වී සිටියෝය. දේවින්ද වහා වතුරෙන් ඈත් වූවද වගීෂට shower එක වසන්නට සිටගත හැකි වූයේ නැත.

ł₦₵Ɇ₱₮łØ₦ ✔️Where stories live. Discover now