₵Ⱨ₳₱₮ɆⱤ 13

749 94 23
                                    

Song recommendation:  끝나지 않을 이야기 by stray kids

_________________♡_____________________

පසුදින උදෑසනම අවදි වුණ වගීෂ දේවින්දගේ නලල සිඹ තම බලය භාවිතා කොට නැවත නිවස බලා ගියේ දේවින්ද අවදි නොකර ය. තද නින්දේ සිටි දේවින්දට වගීෂ නික්ම යනු දැනුනේ නැත.

තෙනුජ උදෑසන ම නෙතීශ හමුවන්නට walking path එකට ගියේ පෙරදිනයේ ඔහු කෙසේ හෝ බල කර නෙතීශව එතනට එන්නට කැමති කර ගත් නිසයි. ඔහු යනවිටත් නෙතීශ එතනට පැමිණ තිබුණේ ය. තෙනුජ පරක්කු වූයේ විනාඩි පහක් වුවද නෙතීශ තරහින් මූණ නරක් කරගෙන සිටියේ තෙනුජ පැයක් පමණ ප්‍රමාද වූවා සේය. තෙනුජ ඔහු අසළින් හිඳ ගන්නා විට නෙතීශ රවා අහක බලා ගත්තේය. 

"නෙතීශ...අනේ මෙහෙ බලන්නකො. I'm sorry නෙතීශ විනාඩි පහක් පරක්කු වුණා...අනේ ඉතින් සමාව දෙන්නකො රත්තරන්"

"හරි කමක් නෑ. දැන් ඇයි මට එන්න කිව්වේ?"

"මේ ඉතින්...ඔයා දන්නවා නේ අද දවස?"

"අද පෙබරවාරි දා හතරනේ ගොනෝ. ඇයි තමුන්ගේ phone එකේ calender එකක් නැද්- අ..අද valentine day එක නේද?"

නෙතීශට ඉබේටම තෙනුජගේ මුහුණ දෙස බැලුණි. තෙනුජ සිනහ මුසු මුහුණින් නෙතීශ දෙස බැලුවේය. ඒ සිනහව තුළ තැවරී තිබුණේ ආදරය මිසක සම්ච්චලය නොවේ. ඒ සිනහව ඇතුළේ නෙතීශ අතරමං වූයේය. නෙතීශට තෙනුජ ගැන සිතේ අදහසක් තිබුණේ වුවද ඔහු එය පිළිගන්නට කැමැත්තක් නොදැක්වූයේය. ඒ නිසා ඔහු නිතරම තෙනුජ හා කේන්ති ගෙන තම අදහස සිතින් අත්හැර ගන්නට උත්සහ කළේය. එමෙන් තෙනුජට පාසල් වල බොහෝ දෙනා කැමති බව දැන සිටියත් තෙනුජ කැමති ඔහුට ම පමණක් බව ඔහු වටහා ගෙන තිබුණි. එහෙත් පාසල් වල වෛරය, එමෙන් ම තෙනුජ සහ ඔහු යන දෙදෙනාම පිරිමි ළමුන් වීම නිසා ඔහු තරමක් තෙනුජ ගේ ආදරය පිළිගන්නට මැලි විය. හැරත් තෙනුජ කිසි දිනක කෙලින් නෙතීශට ආදරය ප්‍රකාශ කර නොතිබුණි.

"නෙතීශ...මන් ඔයාට කැමතියි....අ..අකමැතියි කියලා දන්නවා ඔයා මට. ඒත්..ඒක කියන්න එපා..."

"මන් අකමැතියි කියලා කිව්වේ නෑනේ ඉතින්"

"Please මට අවස්- මොකක්ද?? ඒ කියන්නේ ඔයා මට කැමතිද?"

ł₦₵Ɇ₱₮łØ₦ ✔️Место, где живут истории. Откройте их для себя