₵Ⱨ₳₱₮ɆⱤ 21

388 56 14
                                    

"වගීෂ, මගෙත් එක්ක එන්න ගමනක් තියනවා...." අධිරාජ්‍යයා වගීෂ සිර ගත කොට තිබූ කුටිය වෙත පැමිණ වගීෂ ව රැගෙන ගියේය. නෙතීශ සහ නෙතීශා ද ඔවුන් පසුපස වැටුණේ එම ගමන ඔවුන්ගේ හිතට කිසිම හොඳ හැඟීමක් ඇති නොකළ නිසාවෙන්. නෙතීශ වගීෂ ගේ සුරත තද කොට ගෙන අල්ලා ගත්තේ ඕනම දෙයකට සූදානම් වෙමිනි. අධිරාජ්‍යයා ඔවුන්ව දියකිඳුරු දේශසීමාව වෙත රැගෙන එනවිට ඔවුන් ගේ හදවත් වල ඇති වී තිබූ නොපැහැදීම දෙගුණ තෙගුණ විය. යම් බියක්, යම් නපුරක ඉවක් ඔවුන් ව වෙළා ගනිද්දී අධිරාජ්‍යයා ඔවුන්ව දේශසීමාව ඉක්මවා ෆීනික්ස් අධිරාජ්‍ය වෙත රැගෙන යන්නට විය. ෆීනික්ස් මාළිගයේ දොරටු කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව ඔවුන්ට විවර විය. අඩුම තරමින් කුමක් සඳහා ද ඔවුන් පැමිණියේ යන කාරණයවත් මාළිගයේ දොරටු පාලයන් නො ඇසුවේ ඔවුන් එනබව දොරටු පාලයන් අපේක්ෂා කළාක් මෙනි.

මාළිගයේ ඇතුලට ගොස් රාජ සභාව වෙත ඇතුලු වූ වගීෂ ඇතුළු පිරිස දුටුවේ විශ්වාස කිරීමට අපහසු දසුනකි. ඔවුන් දුටුවේ සිංහාසනය ඉදිරියේ ගැහැණු ළමයෙකු හා සිට ගෙන සිටි දේවින්ද වය. ඔහුගේ හිසේ කිරුළ දිලිසුණ අතර මුහුණද ගාම්භීර භාවයෙන් පිරී තිබුණි. එහා පසින් සිටි ගැහැණු ළමයාගේ ඉනෙන් අත දමා ඇයව තමා අසළට ගත් දේවින්ද එක්වරම සැවොම ඉදිරියේ ඇයව සිප ගත්තේ ඒ දසුනෙන් වගීෂගේ දෑසින් කඳුලු ගලා එද්දීය. තවදුරටත් ඒ නාඩගම බලා සිටින්නට ඔහුට අවශ්‍ය වූයේ නැත සියල්ලන්වම පෙරලා නැවත දියකිඳුරු අධිරාජ්‍යය වෙත තම බලයෙන් පිටත්ව ගිය ඔහු තම කුටියට වැදුණේය. නෙතීශාව වගීෂ ගිය දෙසට පිටත් කර හැරි නෙතීශ කෙලින් ම ගියේ දේවින්ද සහ තෙනුජ සිටි කුටිය වෙතටය. තම බලය භාවිතා කර කිසිවෙකුට නොපෙනෙන සේ කුටියට ඇතුලට ගිය නෙතීශ දුටුවේ කුටියේ කෙළවරක වාඩි වී සිටි දේවින්ද, තෙනුජ, ෂෙනුවි තිදෙනාවය. දොර අසළ සිට ගෙන සිටි නෙතීශව දුටු තෙනුජ සහ දේවින්ද හුන් තැන් නැගිට නෙතීශ අසළට දුව ආවෝය.

"නෙතීශ...වගීෂ මෙහෙට ආවා කියලා ආරංචියක් ආවා. මන් වගේ කෙනෙක්ව මවලා රඟපෑමක් පෙන්නුවා ද ඔයාලටත්?" තෙනුජ නෙතීශගේ සුරතින් අල්ලා ගනිමින් ඇසීය. නෙතීශ ඊට පිළිතුරු වශයෙන් හිස සැලුවා පමණි.

ł₦₵Ɇ₱₮łØ₦ ✔️Wo Geschichten leben. Entdecke jetzt