₵Ⱨ₳₱₮ɆⱤ 17

462 62 18
                                    

මේ දොර ලොක් කරලනේ තියෙන්නේ...ඔයා කොහොමද ඇතුලට ආවේ නෙතීශ??"

"නෙතීශ ඇත්ත කියනවා තමුන් කවුද? අර මහ ලොකු අධිරාජ්‍යයා කියන එකාලද එව්වේ ආ??"

"දේවින්ද කෑගහන්න එපා...නෙතීශ අපිට ඇත්ත කියන්න ඔයා කවුද?" නෙතීශ ඊට පිළිතුරු දෙන්නට සැරසෙත්ම එතනට තෙනුජ ආවේ දේවින්ද ,වගීෂ සහ නෙතීශ තිදෙනාවම බිය වද්දවමිනි.

"තෙනුජ?? තමුසෙ කොහොමද මෙතනට පාත් වුණේ?? මොකක්ද වෙන්නේ?"

"මේක මේවා කතා කරන තැනක් නෙවෙයි. අපි පස්සේ සෙට් වෙලා කතා කරමු. අද හවසට මේක විසඳගමු. නෙතීශ, නෙතීශාවත් අරගෙන එන්න" තෙනුජ කීවේය.

"ඇයි නංගිව??"

"ඒක මටයි ඔයාටයි වඩා හොඳට මේ දන්නවා. පොතත් අරන් එන්න. මේක විසඳගමු..දැන් යන්න පන්තියට. දේවින්ද තමුසේ යන් මාත් එක්ක. චාරුනී මිස් හොයනවා උඹව"

දේවින්දවත් රැගෙන තම පාසල වෙත තෙනුජ යන්නට ගියේ ඔහුගේ බලය භාවිතා කරගෙනය. හවස කතා කරගන්නම් යැයි කියූ නිසා ඉන් එහාට ප්‍රශ්න කිරීමක් කරන්නට නොගිය වගීෂ සහ නෙතීශ නැවත lab එකට ගියත් ඔවුන්ගේ හිත් වල ගණන් කළ නොහැකි තරමට ම ප්‍රශ්න පිරී තිබුණි.

.
.
.

නෙතීශා සහ ෂෙනුවි දෙදෙනාම පාසලේදී එකිනෙකාව එදින මුණ ගැසුනි. එකම පාසලේ වුවද ෂෙනුවි අක්කා ඒ අවුරුද්දේ උසස් පෙළ ලියන්නට නියමිත නිසා ඇය පාසල් පැමිණියේ අඩුවෙනි. එදින පාසලට පැමිණි මොහොතේ සිට පාසල් ඇරෙන තුරු ෂෙනුවි සහ නෙතීශා විසි වතාවකට වඩා හමු වී තිබුණි. පාසල තුළදී ආදරණීය පියවරක් ඉදිරියට නොතබන්නට වග බලා ගත් ඔවුන් දෙදෙනා සාමාන්‍ය යහළුවන් සේ පාසලේ දී හැසුරුණෝය. සැබැවින් ම ෂෙනුවී ට තමා ගැන බියක් නොතිබුණි. ඇය බිය වූයේ නෙතීශා ගැන ය. නෙතීශා තවත් ටික කලක් හෝ පාසලේ රැඳී සිටිය යුතු විය. එසේ තිබියදී ඇයට කට කතාවක් හැදුනහොත් එය ඇයගේ නමට හානියක් බව ෂෙනුවි විශ්වාස කළාය. කාන්තාවක හා පිරිමියෙකු අතර සම්බන්ධය හා සමානව පිරිමයෙකු සහ පිරිමියෙකු, කාන්තාවක හා කාන්තාවක අතර ඇති වන සම්බන්ධය ද ආදරයක් බව නොපිළිගන්නා සමාජයක සිටින ඔවුන් හට  එවැනි බියක් නොදැනීම අරුමයක් නොවේ. කාලයත්, තාක්ෂණයත් සමඟ බොහෝ දෙනා ආදරය යනු ආදරයමයි බව පිළිගෙන තිබුණත් තවමත් හණමිටි අදහස් පවතින මිනිසුන්ට අපහාස කිරීමට ම පමණක් දන්නා මිනිසුන් තවමත් සමාජය තුළ සිටින බව නොරහසකි.

ł₦₵Ɇ₱₮łØ₦ ✔️Where stories live. Discover now