₵Ⱨ₳₱₮ɆⱤ 19

373 63 8
                                    

Song recommendation: Stay alive by Jungkook

_______________________________________

දේවින්ද සහ වගීෂ දෙදෙනා තම බලයන් භාවිතා කර අතීතය ගියේ ඔවුන්ගේ අතීතය දැක බලා ගන්නටය. ඔවුන් දෙදෙනා නිල් පැහැයෙන් වට වූ ස්ථානයකට පැමිණ තිබුණි. ඔවුන් ඉදිරිපිට තිබුණේ එක් කැඩපතක් පමණි. මද වේලාවකින් කණ්ණාඩිය සක්‍රීය වූයේ දේවින්ද ගේ සහ වගීෂ ගේ සිරුරෙහි වූ ලාංඡනද සක්‍රීය කරමිනි. ඒ සමඟින් ඔවුන්ගේ අතීතය කණ්ණාඩිය තුළින් ඔවුන්ට පෙනෙන්නට පටන් ගත්තේය.

මුහුදේ පිහිනමින් සිට ගිමන් නිවීම සඳහා දූපතක තිබූ ගුහාවක් තුළට පිහිනා ගියේය. තටාකයක් මධ්‍යයේ ගොඩනැගී තිබූ ඒ ගුහාවේ මුදුනේ විශාල විවරයක් තිබුණි. ඒ තුළින් ගුහාවට තුළට ගලා ආ නිල් පැහැ සඳ එළිය නිසා මුළු ගුහාවම සහ තටාකයම සඳ එළියෙන් නැහැවී අලංකාර ලෙස දිස්නය දෙන්නට විය. තටාකයේ සිට සඳ දෙස බලා සිටි ඒ දියකිඳුරු රාජ කුමරු, මේ ආත්මයේ වගීෂ එක්වරම තැඹිලි පැහැ ආලෝකයක් අහසේ සිට තටාකය දෙස එනු දුටුවේය. එන්න එන්නම ඔහු සිටි දෙසට ලං වුණු ඒ ආලෝකය විවරය තුළින් ඇතුළට විත් තාටාකයට වැටුණි. ගින්දරට ජලය ඉස නිවා දැමුවාක් සේ ඒ ආලෝකය වතුරට වැටුණු විගස දුම් වලින් අවට වටපිටාව වසාගන්නට විය. කවුරුන් හෝ වතුරට වැටුණු බව අවබෝධ වූ වහාම ක්‍රියාත්මක වු වගීෂ කිමදී ඒ පුද්ගලයාව වතුරින් ගොඩට ගෙන තටාකය ගේ පාමුල වතුර නොමැති ගොඩබිම කොටසේ දිගා කරවීය. තමාට අවශ්‍ය ඕනෑම වේලාවක දියකිඳුරෙක් වීම නොවීම වගීෂ ට පාලනය කළ හැක වූ අතර ඔහු මනුෂ්‍යයෙකු වී ඒ තටාකයට වැටුණු පුද්ගලයා අසළට ගියේය.

මුහුණට වැටී තිබූ තරමක් දිගට වැවී ඇති ඒ ෆීනික්ස් කුරුල්ලාගේ කොණ්ඩය වගීෂ අතින් එහාට කළේ ඒ මුහුණ හොඳින් දැක බලා ගන්නටය. ෆීනික්ස් අධිරාජ්‍යය සහ දියකිඳුරු අධිරාජ්‍යය අතර විරසකය හොඳින් ම වගීෂ දැන සිටියත් ඒ මොහොතේ ඔහුට එය අදාල වූයේ නැත. ඔහුට අවැසි වූයේ හුදෙක් මේ ෆීනික්ස් කුරුල්ලාගේ ජීවිතය බේරා ගැනීම පමණකි. අන් දියකිඳුරන්ට හිමි වී නොතිබුණු සුවිශේෂ හැකියාවක් වගීෂ ට හිමිව තිබුණි. ඒ නම් සුව කිරීමේ හැකියාවයි. ඔහුට ඕනෑම රෝගයක්, තුවාලයක් සුව කළ හැකි විය. තම බලය භාවිතා කර ඔහු ඒ ෆීනික්ස් කුරුල්ලාගේ තුවාලයන් සුව කර ඔහුට සිහිය ලැබෙන තෙක් බලා සිටියේය. පැය භාගයකින් පමණ ඒ ෆීනික්ස් කුරුල්ලා හට සෙමින් සිහිය ලැබෙන්නට විය. ඔහු දෑස් හැර බලන විට ඔහු දුටු පළමු දෙය නම් වගීෂව ය.

ł₦₵Ɇ₱₮łØ₦ ✔️Opowieści tętniące życiem. Odkryj je teraz