₵Ⱨ₳₱₮ɆⱤ 14

599 79 16
                                    

නිල් පැහැති අලංකාර ඇඳුමක් හැඳ සිටි දියකිඳුරියක් සහ තැඹිලි පැහැ අලංකාර දිලිසෙන ඇඳුමක් හැඳ සිටි ෆීනික්ස් කිරිල්ලියක ඔවුනොවුන්ගේ රාජධානි වල අධිරාජ්‍යයන් ඉදිරියේ සිටගෙන සිටියෝය. ඔවුන් එසේ අධිරාජ්‍යයන් ඉදිරියේ සිටගෙන සිටියේ ඔවුන්ට රාජකාරියක් භාර දීම සඳහා ඔවුන් ව කැඳවා තිබූ නිසාය. අධිරාජ්‍යයන් හි දක්ෂතම ආචාර්යවරියන් වූ ඔවුන් දෙදෙනා දේවින්ද ගේ සහ වගීෂගේ බලයන් නිසියාකාරව හසුරුවන ආකාරය, ඔවුන් ව රාජ්‍යත්වයට පුරුදු පුහුණු කිරීම ඔවුන්ට පැවරුණ වගකීම විය. එමෙන් ම වගීෂ සහ දේවින්ද දෙදෙනාට එක්වීමට ඉඩක් නොතබන ලෙස අධිරාජ්‍යයන් තරයේ පවසා සිටියෝය. ඒ අණ හිස නමා පිළිගෙන ආචාර්යවරියන් දෙදෙනා මනු ලොව වෙත පිටත් ව ගියේ තම ගෝලයන් දෙදෙනා හමු වී ඔවුන්ට ශිල්ප ලබා දෙන්නට ය. සිතන තරම් ඒ කාර්යය පහසු කාර්යයක් නොවන බව ඔවුන් දෙදෙනාම හොඳාකාරවම දැන සිටියෝය. කිමද යත් එක්වරම තමන් අනාගත අධිරාජ්‍යයෙකු බව ඇසීමෙන් කවුරුන් වුවද එය විශ්වාස නොකරාවි.

රාත්‍රී යාමයේදී දේවින්ද ඇඳට වී පොතක් බලමින් සිටින විට ඔහුට අනුයුක්ත කර සිටි ආචාර්යවරිය දේවින්ද ඉදිරියේ පෙනී සිටියාය. හදිසියේම තැඹිලි පැහැ ආලෝකයක් සමඟ මතු වී ආ තරුණ කාන්තාව දුටු දේවින්ද හොඳට ම බිය විය.

"කළබල වෙන්න එපා උතුමාණනි...මම ආවේ ඔබතුමාට ඔබතුමාගේ බලය පාවිච්චි කරන විදිහ පුහුණු කර ඔබතුමාව පරිපූර්ණ අධිරාජ්‍යයෙකු බවට පත් කිරීමට.." ඇය යටහත් පහත් ලෙස කීවාය.

"උ..උතුමාණන්?? කවුද?? මේ මම?? මොනවද මේ වෙන්නේ?? ඔයා කවුද?"

"ඔබයි ෆීනික්ස් අධිරාජ්‍යයේ අනාගත අධිරාජ්‍යයා. මම යොෂිනුවී, උතුමාණනි. ඔබතුමාව පුහුණු කරවීමටයි පැමිණියේ..."

"මට බෑ...මට ඕනි නෑ කෙහෙල්මල් රජකමක්. මට මේ ඉන්න විදිහ හොඳයි.."

"මට ඔබතුමාව තේරෙනවා උතුමාණනි. ඒත් ඔබතුමාව පුහුණු කිරීමට නොහැකි වුවහොත් අපට නියමිත මරණ දඬුවම. නැවතත් ඔබතුමාගේ තීරණය සළකා බලන ලෙස ඉල්ලා සිටිනවා...."

වගීෂව හමු වීමට ගිය ඔහුට අනුයුක්ත කර තිබූ ආචාර්යවරිය, සත්නුවී ද වගීෂ ට හැකි උපරිමයෙන් කරුණු තේරුම් කර දීමට උත්සහ කළාය. අවසානයේ පුහුණු වීමට සහභාගී වීමට දේව්ගීෂ දෙදෙනා කැමැත්ත පල කළේ යොෂ්නුවීගේ සහ සත්නුවී දෙදෙනාගේ ජීවිත බේරැගැනීම උදෙසා ය. එසේ නොවන්නට ඔවුන් දෙදෙනා ඊට කැමති වූයේ නැත.

ł₦₵Ɇ₱₮łØ₦ ✔️Where stories live. Discover now