Capter 31

1.4K 215 106
                                    

ඔන්න ඒනන් කතාවෙ අවසානේ අරන් ආවා. මේ අවසානෙට ඔයාලා කැමති නොවෙන්න ගොඩක් ඉඩ තියෙනවා.. ඒම නම් අනිවාර්‍යෙන් ඒක මට කියන්න. ගොඩක් අඩුපාඩු ඇති මගේ කතාවේ.

.............................................................
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

යීබෝ එක්ක ශාන් ගෙදරට එනකොටම දැක්කේ වෙන මොනවත් නෙමේ... යැන්ග්  යැංසි ව එක්කන් ගෙදරට ඇවිත් කියන එක. ඒ වගේම ශාන්ගේ අම්මයි තාත්තයිත් ඒ වගේම යූබිනුත් සාලේ ඉන්නවා කියලා දැක්කා..

"ශාන්ගා... අර කට්ටිය"

"මේ බබා.. කොහොමත් මේවා විසදගන්න ඕනි.. කෝ යමු ඇතුලට"

එහෙම කියපු ශාන් යීබෝ ගේ අතින් අල්ලන් ගේ ඇතුල්ට එක්කන් ගියා.. එයාලා යද්දි හැමෝම ඒ දිහා බැලුවා. යීබෝට ඒක අපහසුතාවක් වගේ උන හින්දා යීබෝ ශාන්ගෙන් තමන්ගේ අත ගලවන්න ට්‍රයි කරත් ශාන් තවත් තදින් අල්ලගත්තා.

"හා මේ එන්නේ ඉලන්දාරියා... කොහෙද ගියේ කොහෙවත් යන එවුන්වත් අල්ලන්"

ශාන් ව දැක්ක යැන්ග් එහෙම කතා කරා..  කොහෙවත් යන එවුන් කියලා කිව්වේ තමන්ට කියලා තේරුන යිබෝ ට ගොඩක් දුක හිතුනා.. ඒක තේරුන ශාන් තවත් යීබෝගේ අත තදින් අල්ලගත්තා.

"Mr.Yang මේ ඉන්නේ කොහෙවත් යන එකෙක් නෙමෙයි... අනික ඔයා නොදන්නවා නෙමෙයිනේ මේ කවුද කියන එක"

"ඔව් ඔව් හොදාකාරවම දන්නවා... වර්ථමාන xz comapny එකේ අයිතිකාරයා කොල්ලෙක් ට ආදරේ කරනවා කියලා.. ඇත්තටම ලැජ්ජ නැද්ද? මේවා ප්‍රසිද්"

"mr.yang මම බලාගන්නම් මම ගැන වගේම මගේ campany එක ගැන ඔයා ඒ ගැන කලබල වෙන්න එපා"

යැන්ග් ට තවත් කිසිවක් කීමට නොදුන් යැන්ග් කෑ ගැහුවා...

"එතකොට මගේ දුවට මොකද කරන්නේ ආ... එයාගෙයි ඔයාගෙයි කසාදේ තව දවස් හතරකින් වෙනවා අනිවාර්‍යෙන්ම..."

"අනේ පපා... මට ශාන් ව බදින්න බෑ"

යැංසි බයෙන් උනත් කතා කරා..

"උබට කොහෙන් ආව හයියක්ද මගේ තීරණ වලට විරුද්ධ වෙලා... ආතක් පාතක් නැති එකෙක්ව බැදගන්න ආ"

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Where stories live. Discover now