Capter 17

794 201 77
                                    

"I love you my puppy"

"I love you too gege"
,
,
,
,
යැන්ග් සි දැන් යැන්ලි දිහා ටික වෙලාවක ඉදන් බලන් ඉන්නවා කියලා යැන්ලි දැක්කා.

"යැන්ග් සි මොනාද ඔච්චර කල්පනා කරන්නෙ"

"අක්කි ඔයා ඊයේ කිව්වේ... ශාන් කෙනෙක් ට ආදරේ කරනවද දන්නේ නෑ කියලා"

"ම්ම් ඔව් ඇයි ශාන් කාටහරි ආදරේ කරනවා කියලා කිව්වද"

"ම්ම් නෑ අක්කේ ඒත් අර සෙක්‍රටි බෝයි ඉන්නේ ශාන්ගේ"

යැන්ලි ට දැනුනා මේ කියන්නේ යීබෝ ගැන තමයි කියලා..

"ආ යීබෝ ද?....ම්ම් ඉතින්"

"ශාන් එයාට ආදරේ කරනවද කියලත් හිතෙනවා අක්කේ මට"

"ඇයි ඔයා එහෙම කියන්නේ යැන්ග් සි"

"ශාන් ව මම පොඩි කාලේ ඉදන්ම දන්නවනේ අක්කි... එයා ඉස්සරම ගොඩක් ආදරණීය කෙනෙක් උනාට ලොකු වෙන්න ලොකු වෙන්න ටිකක් නපුරු කෙනෙක් උනානේ... ඒ වගේම මීට අවුරුදු 5 කට කලින් උන දෙයින් පස්සේ මම එයා සතුටින් ඉන්නවා දැකලා නෑ.... ඒත්.. ඒත් අද එයා සතුටින්... ගොඩක් සතුටින්... ශාන් ගේ ඇස් දිලිසෙනවා යීබෝ දිහා බලන් ඉද්දි... ඒ විතරක් ද දෙන්නා එකටමයි අද නැග්ගෙත් වාහනේට... වාඩි උනෙත් එක ලගමයි... මට හිතෙන්නේ ඒක එහෙම තමයි අක්කේ ශානුයි යීබෝ යී ආදරේ කරනවා"  යැන්ග් සි අවසාන හරිය කිව්වේ හිමීට... ඒත් යැන්ලි බලාපොරොත්තු උනාවගේ තරහකින්වත් දුකකින්වත් නෙමේ.හැගීම් විරහිත මුහුණකින්...

"ඇත්තටම ඒ දෙන්නා ආදරේ කරොත් ඔයා මොනවද කරන්නේ යැන්ග් සි" යැන්ලි මේ ඇසුවෙ යැන්ග් සි ගේ හිතේ දැන් මොනවද තියෙන්නේ කියකා හිතන්න වගේ....

ඒත් යැන්ග් සි කිසිම කලබලයකින් තොරව

"ඒක එහෙම නම් මම ආසයි ඒ දෙන්නා එකතු වෙනවානම්" යැන්ග් සි ගේ පිළිතුරත් සමග යාන්ලි ඇය දෙස බැලුවේ පුදුමය පිරුන මුහුණකින්...

"එතකොට නංගි ඔයාට ඒක ප්‍රශ්නයක් නැද්ද"

"ම්ම් අක්කිමනේ කිව්වේ ආදරේ බලෙන් ලබාගන්න  පුලුවන් දෙයක් නෙමේ කියලා... ඉතින් ශාන් අයිති එයාගේ සෙක්‍රටි ටම තමයි... මොකද ශාන් ගේ මූණේ හිනාවක් තියෙන්නේ එයා හිටියොත් විතරමයි.."

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Where stories live. Discover now