capter 20

768 204 57
                                    

හැමෝම පන්සලෙන් එනකොට වෙලාව 2 විතර වෙලා... ඉතින් ඒ වෙලාවට තමයි හැමෝටම දවල් ට කන්නත් උනේ... ඊට පස්සේ හැමෝටම මහන්සි නිසාම කෙලින්ම හෝටලේ ට යන්න පිටත් උනා...

ඇත්තටම මේක trip එකක් කිව්වට මෙහෙම ගමනක් එන්න ලොකුම හේතුව උනේ වෙන මොනවත් නෙමෙයී ශාන් හා යීබෝ දෙන්නට ඒ දෙන්නගේ හැගීම් අවබෝධ කරගෙන ආදරේ ප්‍රකාශ කරගන්න මාර්ගයක් හොයාගන්නත්... යැන්ග් සි ට ඇත්ත තේරුම් කරන්නත් ය... දැන් ඒ සියලු දේ හොදාකාරයෙන්ම සිදූ වී ඇත.. චෙන් නම් ඒ නිසා ඉන්නේ ගොඩක්ම සතුටින්...

ගමන් මහන්සියටත් එක්ක වාහනේදි හැමෝම වගේ නිදි... ශාන් උනත් වෙනදා වගේ නැතුව යීබෝගේ උරහිස මත හිස තබාගෙන නිදිය... යීබෝ නම් ඇහැරලා හිටියේ... එයා කල්පනා කර කර හිටියේ එයාගේ ශාන්ගා දැන් එයාගෙමයි නේද කියලා...

ශාන්ගේ හිසත් අත ගගාම යීබෝ සිටි කල්පනාවෙන් මිදුනේ කන ලගින්ම ඇසුන ශාන් ගේ සිහින් කටහඩ නිසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ශාන්ගේ හිසත් අත ගගාම යීබෝ සිටි කල්පනාවෙන් මිදුනේ කන ලගින්ම ඇසුන ශාන් ගේ සිහින් කටහඩ නිසයි..

"බෝදි ම්ම් මොනාද මැණික කල්පනා කරන්නේ"

"ඔයා ඇයි මට ආදරෙ කරන්නේ ශාන්ගා"

"මම ඔයාට ආදරේ කරන්නෙද"

"ම්ම්"

"මොකද ඔයා මගේ නිසා... ඒ වගේම මම ඔයාගේ නිසා... මම හිතන්නේ නෑ ඒ ප්‍රශ්නෙට මගෙන් මීට එහා දෙයක් ඔයා බලාපොරොත්තු වෙයි කියලා " එහෙම කියපු ශාන් යීබෝ ගේ නළලත ආදරයෙන් සිප ගත්තා...

"ශාන්ගා"

"ම්ම් පපී"

"I love you"

"I love You මගේ මැනික" කියමින්ම ශාන් යීබෝගේ තොල් අල්ලගත්තා... විනාඩි ගානක සිපගැනීමකින් පසුව යීබෝගේ අත් දෙකින් අල්ලගත්ත ශාන්

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Where stories live. Discover now