Capter 23

765 190 88
                                    

වෙලාව 12 හමාර විතර වෙලා. හැමෝටම දැන් හොදටම බඩගිනියි..ගෙවල් වලට යන්නත් තව පැය 2 ක් විතර යන නිසා හැමෝම රෙස්ටූරන්ට් එක්කින් කාලා යන්න කතා උනා...

ඉතින් හැමෝම රෙස්ටූරන්ට් එකක් ගාව නවත්තලා කෑම කන්න ගියා... හැමෝම කන ගමන් ඉද්දි ශාන් බලන් හිටියේ එයාගේ බෝ බෝ දිහා... බෝ දැන් අරහෙට්ටයි මෙහෙටයි ඇඹරි ඇඹරි ඉන්නේ... ශාන් බලන් හිටියේ ඒ මොකද කියලා... ඉතින් ශාන් යීබෝ ගේ කනට ලං වෙලා කතා කරේ...

"බබා ඇයි මේ ඇඹරෙන්නේ"

"ෂ්... ශාන්ගා... අනේ🥺 මට චූ බරයිනේ☹"

ඒක යීබෝ කිව්ව විදියට ශාන් ට හිනත් යන්න ආවා... ඒත් ඉතින් එයාගේ පපී ඇත්තටම ඉන්නේ අමාරුවෙන් කියලා දැකපු ශාන් යීබෝවත් එක්කන් වොශ් රූම් පැත්තට ගියා...

"බබා මම මෙතන ඉන්නම් ඔයා එන්න හොදද"

"හරි ශාන්ගා"

එහෙම කියපු යීබෝ වොශ් රූම් එකට ගියා...

යීබෝත් ආවාට පස්සේ ශාන් එයාවත් එක්කන් වාහනේ ට ගියේ ඒ වෙද්දි හැමෝමත් කෑම කාලා වාහනේට ඇවිත් හිටිය නිසා...
,
,
,
,
,
,
කොහොමහරි හැමෝම හවස 3 විතර වෙද්දි ශාන් ලගේ ගෙදරට ආවා... (ශාන් ගේ ගෙදර හොදද ලමයි එපාර්ට්මන්ට් එක නෙමේ)

එයාලා ගෙදරට එනකොටත් ශාන්ගේ අම්මයි ශාන්ගේ පපායි ඉන්නවා සාලෙට වෙලා... ශාන්ගේ අම්මා නම් එයාලව දැකපු ගමන් අනිත් ඔක්කොමලාව අමතක කරලා අල්ලගතතේ ශාන්ගේ කන.

"ආව්හ් මමා ඇයි අප්පා... ආව ගමන් ඕමද සලකන්නේ හුම්ම්... ඌයියා අනෙ රිදෙනෝ"

"රිදෙනෝ නෙමේ... මරු පුතා පපා ට පෙන්නලා අපේ බෑණාව ඒත් මට පෙන්නුවේ නෑනේ.... මම දන්නේ නෑ පුතා ඔයා ඔෆිස් එකේ වැඩක් කියලා හරි මගේ පුතාව ගෙදරට එක්කන් ඇවිත් පෙන්නන්න එච්චරයි"

එහෙම කියපු ශාන් ගෙ අම්මා ශාන්ටත් රවලා අහක බලාගත්තා... යීබෝ හොදටම බය වෙලා වගේ... අනික් අයට නම් හිනා... ශාන් බැලුවේ එයාගේ පපා දිහා... පපාව දැක්ක ශාන් ටත් හිනා යන්න ආවා... ශාන් ගේ පපා එක එල්ලේ යීබෝ දිහා බලාගෙන ඉන්නවා මහසෝනා දැක්කා වගේ.... (චීනේ මහසෝනා නෑ හොදේ😒)

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Where stories live. Discover now