Capter 13

956 225 117
                                    

අද යීබෝට 8.20 විතර වෙද්දි ඔෆිස් එන්න පුලුවන් උනා. පරක්කු නොවී ආව එක ගැන නම් එයා ඇත්තටම සතුටු උනා. මොකද පරක්කු වෙලා ගියොත් බැනුම් අහන්න වෙනවා කියලා දන්න නිසා.ඉතින් ඔහු ශාන් ගේ කැබින් එකට ගොස් ශාන් ගේ මේසය පිළිවෙළකට සකස් කර ශාන් එන්න කලින් ඔහුගේ කොෆී එක ගේන්න ගියා. මොකද යීබෝ දැනන් හිටියා උදෙන්ම ඇවිත් කොෆි එකක් බොන එක ශාන් ගේ පුරුද්දක් කියලා.

යීබෝ කොෆි එක ගේන්න ගිය අතරේ ශාන් ඔහුගේ කැබින් එකට ආවා. එයා එද්දිම ටේබල් එක පිළිවෙලට අස් කරලා තියන එකෙන්ම දැනගත්තා යීබෝ ඇවිත් තමයි ඉන්නේ කියලා. ඉතින් ශාන් තම පුටුවෙන් වාඩි වී යීබෝ එනකල් හිටියා. යීබෝත් විනාඩි 5කින් විතර ආවේ කොෆි එක අරන්.

"Good Morning sir"

"Good Morning yibo"

"සර් සර් ගේ කොෆි එක"

"හරි yibo ඔතනින් තියන්න"

"යීබෝ මේ දවස් වල විශේෂ මුකුත් නැනේ නේද"

"සර් අද හවස් වෙද්දි මේ ෆයිල් ටික චෙක් කරලා mr.Cheng ලගේ company එකට යවන්න තියෙනවා. ආයි ඉතින්  mr.yang ලගේයි mr.Cheng ලගෙයි Company එක්ක ලබන සතියේ මීටින්ග් එකක් තියෙනවා.ඒවා තමයි sir."

"ම්ම් හරි එහෙනන් ඔයා ඒ file ටික බලලා මට දෙන්නකො"

"ok sir"

මේ දෙන්නා දෙන්නට දෙන්නා ආදරේ කරාට කිසිම විදියකින් ඒ ගැන දෙන්නට දෙන්නා දැනගන්න දුන්නෙ නෑ. ඒ වගේම office එකේදි වැඩ වලට මුල් තැන දීලා තමයි කටයුතු කරේ.

යීබෝ file ටික check කරන අතරේ ශාන් කොෆි එක බිබී පහුගිය සතියේ cctv චෙක් කරන්න ගත්තා.
විශේෂ දෙයක් ගිය සතිය ඇතුලත නොවුන නිසාම ඊයේ දවසේ office එකේ ඉන්න බැරි උන නිසා යීබෝ මොනාද කරේ බලන්න ආසාවක් ආව ශාන් ඊයේ cctv බලන්න ගත්තා.

යීබෝ ඒ වෙනකොටත් ෆයිල් කන්දරාවකට යටවෙලා බිසි වෙලා තමයි හිටියේ. ඉතින් ශාන් කොෆි එක බොන ගමන් ම ඊයේ  යැන්ග් සි ආවට පස්සේ උන දේවල් බලන්න ගත්තා.

යැන්ග් සි ආව ගමන් ම යීබෝ ගේ මූණේ ඇති උන හැගීම. කියවන්න ශාන් ට පුලුවන් උනේ නෑ. ඒක තරහක් ද ඉරිසියාවක් ද දුකක් ද කියලා අදුරන්න බැරි විදියේ හැගීමක් කියන එක විතරක් ශාන් ට තේරුනා...ඉතින් ශාන් යැන්ග් සි එක්ක ගියාට පස්සේ යීබෝ ත් සාමාන්‍ය විඩියට එයාගේ මේසෙට වෙලා වැඩ කරනවා පෙනුනා...

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Where stories live. Discover now