captar 3

1.4K 260 86
                                    

වසර 5 කට පසු.........

'යීබෝ ඔයාව දකින්න නැතුව දැන් අවුරුදු 5 ක් වෙනවා පැටියො... කෝ ඔයා කොහෙද ඉන්නේ මම මගෙ යාලුවො එක්ක ඔයාව හෙව්වේ නැති තැනක් නෑ මගේ පැටියෝ....ඔයා නැතුව ගෙවුනු මේ කාලේ මං තේරුම් ගත්තා ඔයාව මට තව දුරටත් මගේ ශිෂ්‍යයෙක් නෙමෙයි කියලා මැණික... ඔව් මං මැණිකට ගොඩාක් ආදරෙයි... අනේ ඔයා කොහෙද ඉන්නේ පැටියො මං ගාවට එන්නකො අඩුම තරමෙ මගේ ඇස් දෙකට පේන්න වත් එන්නකෝ... මට..මට මේක ඇතිවෙලා මට පිස්සු හැදෙයි... මේ කාලේ පුරාවට ඔයාව මතක් නොවුන දවසක් මට මතක නෑ... මං ඉක්මනින්ම ඔයාව හොයාගන්නවා පැටියො...'

ශාන් මෙසේ තනියම යීබෝ ගැන සිතමින් සිටින විට නොදැනිම අතීතය සිහිපත් උනි..

වසර 5 කට පෙර....

ශාන් තවමත් තමන්ගේ ආච්චිගේ මරණය දරාගැනීමට නොහැකිව අඩන යීබෝව තමන්ගේ පපුවට තුරුළු කරගෙන සනසවමින් සිටියි. විනාඩි තිහකින් පමණ යීබෝ ගෙ ඇඩීම අවසන් වූ අතර කුඩා ඉකියක් පමණක් විටින් විට යීබෝගේ මුවින් ගිලිහිනි. මෙලෙස තවත් විනාඩි කිහිපයක් යීබෝව තමන්ගෙ පපුවට තුරුල් කරගෙන සිටි ශාන් යීබෝ වත් රැගෙන තම අපාර්ට්මන්ට් එකට පැමිණියේ හෙට දිනයේදි තමන් ද යීබෝ ගේ ආච්චි අම්මාගේ අවසන් කටයුතුවලට සහය දෙන බව තමාටම පොරොන්දු වීමෙනි.

යීබෝට මේ සියල්ල හීනයක් මෙනි ඔහේ ශාන් ගේ පසුපසින් ඇදෙන යීබෝ ව සෝෆා එකේ වාඩි කර කෑමට ආහාරයක් සැකසීමට ශාන් කුස්සිය ට ගිය අතර යීබෝ ට එම සෝෆාවෙම නින්ද ගිහින් තිබූ අතර ශාන් යීබො ලගට ගොස් ඔහුව ඇහැරවන්නට විය...

යීබෝව දුටු විට ශාන්ගේ හදවත ඉතා වේගයෙන් ගැහෙන බවත් ඒ සද්දය එලියට ඇසෙයිද යන්න පිලිබදව ශාන්ට තිබ්බේ කුතුහලයක්..නමුත් කෙසේ හෝ යීබෝට කිසිවක් ආහාරයට දිය යුතු බැවින් ඔහු යීබෝව අවදි කරන්නට විය... යීබෝ අවදි උන වහාම දුටු දර්ශනයෙන් බිය උනත් ටික වෙලාවකින් ඔහුට තත්වය තේරුම් ගැනීමට හැකි විය...

ශාන් මුලින්ම යීබෝ අතර ටවල් එක දී පැවසුවේ වොශ් එකක් දාගෙන තමන්ගේ ඇදුමකුත් ඇදන් එන්න කියා යීබෝව වොශ් රූම් එකට යැව් අතර ශාන් යීබෝ ගැන ඇත්තේ කුමන හැගීමක් දැයි යන්න තමන්ගේ සිතත් එක්ක තර්ක කරමින් සිටියේය.

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Where stories live. Discover now