Capter 2

1.9K 290 65
                                    


පාසල නිමා කර යුබින් හා ශාන් පාසල අසල ඇති හෝටලයක් වෙත ගියේ දිවා ආහාරය ගැනීමටයි. අහම්බයකින් මෙන් එම හෝටලය යීබෝ වැඩ කරන හෝටලයයි. ශාන් යීබෝව දුටු වෙලේ සිට ඒ දෙසම බලාසිටින්නට විය යීබෝටද එය දැනුන විට ලැජ්ජාවක් දැනුනත් එය නොසිතා හොටෙල් එකේ වැඩ වලට කාර්යබහුල විය .

ශාන් යීබෝ දෙස බලාසිටිනු දුටු යූබින්

🦊මොකද බං අර කොල්ලා දිහා ඔහොම බලන් ඉන්නේ?

🐰මේ මගේ පංතියේ ළමයෙක්නේ බං

🐼 ඔව් ඔව් බං මේ ඉන්නේ යීබෝ ගොඩක් දක්ශ ළමයෙක් ඒත් ගොඩක් ප්‍රශ්න එක්ක ඉන්නේ

🐰ඒමද බං.....

යීබෝ මෙලෙස වැඩ කරනු දුටු ශාන්ට මහත් වේදනාවක් දැනුනු අතර ඒ ඇයිදැයි ඔහුටද නොවැටහුනි.

......................................................................
යූබින් ගෙන් සමුගත් ශාන් නිවසට පැමින වොශ් එකක් දමා තම කාමරයට පැමිනියේ ළමයින්ගේ විස්තර පැවති ෆයිල් එක චෙක් කිරීමටයි.ඒ අතර තිබූ යීබෝ ෆයිල් එක චෙක් කල විට ශාන්ට දැනගැනීමට හැකි වූයේ යීබෝගේ දෙමවුපියන් නැති බව හා ආත්තම්මා සමග සිටින බවත් ය.යීබෝ ගැන වචනෙන් විස්තර කල නොහැකි අමුතු හැගීම් ගොන්නකින් ශාන්ගේ සිත පිරෙන්නට විය.ඒ වගේම ඔහුගේ නිවස පිහිටා ඇත්තේද ශාන් ගේ එපාර්ට්මන්ට් එක කිට්ටුව යැයි දැනගැත්විට නම් ශාන්ගේ සිතට සියුම් සතුටක් දැනුන අතර එයට හේතුවනම් ඔහුට නොවැටහුනි.
......................................................................

පසුදින ශාන් පාසලට ගොස් ඉගෙනීමේ කටයුතු ආරම්භ කළ අතර තමන්ගේ පංතියට ඉගෙනීම් කටයුතු කරන අතර තුර යීබෝ දෙස බැලීමටද අමතක නොකළේය.

පංතියෙන් එලියට පැමිනි ශාන් කොරිඩෝව දිගේ යමින් සිටින විට තමන්ට ඉස්සරහින් මතු වූ කෙනා දුටු විට මුළු මන්දාකිනියෙම තරු තමන් වටේ කැරකෙනවා වගේ දැනෙන්නට විය..*මේ මළ හෝන්තුව යැන්ග්සිත් මෙහෙද වැඩ කරන්නේ අනේ දෙයියනෙ ශාන් උබේ නම් වෙලාව අන්තිම හොද නෑ*
මෙසේ සිතමින් සිටින විට යැන්ග්සි ශාන් දෙසට ඇවිදන් එන්නට විය.. එවිට නම් ශාන්ට සිතුනේ කොහෙට හරි වාශ්ප වෙන්න පුලුවන් උනානම් කියලයී...

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Donde viven las historias. Descúbrelo ahora