Capter 28

763 202 118
                                    

යීබෝ ට බැනලා එලෙව්වට පස්සේ ශාන් කරේ මුළු කාමරේම අනිත් පැත්ත ගහපු එක... එයාට එයා එක්කම කේන්තියි.

ඇයි දෙයියනේ  මම් බෝබෝව අවිශ්වාස කරේ... එයාට මේ ලෝකේ ඉන්න එකම කෙනා මම විතරයි මමත් එයාව එලෙව්වම එයා කොහේ කියලා යන්නද... ඒත්..ඒත් ඒ පොටෝ... ඒ මොනාද... පොටෝ බොරු උනත් ඒ කතා කරපු කෙල්ල... අනේ මට මුකුත් තේරෙන් නෑ... මගේ බෝ බෝ කොහේ ගියාද දන්නේ නෑ... ඒත් ඒත් බෝ බෝ මාව රැවැට්ටුවා... ඇයි මට එහෙම කරේ...

ශාන් තමන් එක්කම කතා කර කර අඩනවා... යීබෝ ව එලෙව්වට පස්සේ ශාන් ටත් ඔෆිස් එකේ ඉන්න හිතුනේ නෑ... ඒ නිසාම චෙන් ට කෝල් කරලා Company එකට එන්න කියලා ශාන් කැබින් එකෙන් එලියට ආවා...

කොරිඩෝව දිගේ ඇවිදන් යනකොට ශාන් ට කවුරු හරි කෙල්ලෙක් යීබෝ ගේ නම කියනවා ඇහුනා... ඉතින් ශානුත් ඒ පැත්තට ගියා... ඒ කෙනා වෙන කවුරුත් නෙමෙයි අර ෆෙයි කියලා ශාන් දැක්කා. ෆෙයි කා එක්ක හරි කෝල් එකක තමයි හිටියේ...

"ඔව් ඔව් යැන්ග් සර්... මම ඊයේ ගානට වැඩේ කරා... කොහොමත් ඌ හෙන අප්සට් එකේනේ  හිටියේ යැංසි ගෙයි ශාන් ගෙයි මැරේජ් එක හින්දා... අනිත් එක ඌ හිතන් හිටියේ යැංසි එක්ක ඇදුම් ගන්න ශාන් ගියා කියලත් නේ... ඉතින් පොර ඊයේ හොදටම බිව්වා.. මමත් ශේප් එකේ එතනට ගිහින් ඒ ඩ්‍රග්ස් උගේ බීම එකට කලවන් කරලා වැඩේ කරා... ආ නෑ නෑ සර් එච්චර දෙයක් කරන්න උනේ නෑ... ඌ නිදාගත්තා.. මොනා උනත් පොර නින්ද යනකල්ම කියෙව්වේ අර ශාන් ගේ නම මයි... හහ් හහ් දැන් උන් දෙන්නගේ ලව් එක කැඩිලා ඉවරයි සර්.. ඔව් ඔව්.. මම දැන් ශේප් එකේ මෙහෙන් අස් වෙලා එන්නම් හා හා හරි සර්..."

ශාන් ෆෙයි කියන ඒවා හීනෙකින් වගේ අහන් හිටියේ...

දෙයියනේ  මම මගේ බො බෝ ට මොනාද කරේ.. එයා එයා දැන් ක්ඵෙද ඇත්තේ... මම මොකෙක්ද ඇයි මම මෙච්චර මෝඩ උනේ... මොන දේ උනත් බෝ ව විශ්වාස කරන්න තිබ්බා ශාන් තමුන්ට.

ශාන් තමන්ටම බැනගත්තා තමන් කරපු මෝඩ වැඩේ ගැන හිතලා... ෆෙයි ගෙන් තමයි හැමදේම දැනගන්න තියෙන්නේ කියලා හිතුව ශාන් ෆෙයි ගේ  උරහිසට අත තිව්වා...පිටුපස සිටින්නේ ශාන් කියලා දැකපු ෆෙයි හොදටම බය උනා කියලා කිව්වොත් හරී...

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ