Capter 24

680 191 90
                                    

ශාන්ගේ මව් පියන්ගේ කැමැත්ත මැද තවත් මාස 2 ක් පමණ ගත විය... ඒ කාලය තුලද ඔවුන්ගේ ආදරය එන්න එන්න වැඩි වූවා මිස කිසිම අඩුවක් නොවුනි.

අද ශාන් ගේ Company එකට වැඩ අධික දිනයකි. ඒ හෙට දිනයේදි අලුතින් ට්‍රේනින් වෙන පිරිස පැමිණෙන නිසාවෙනි.ශාන් file කන්දක් සමග ඔට්ටු වෙමින් සිටිනු දුටු යීබෝ ද ඔහුට උදව්වට ඒ අසළට ගියේය.

"ශාන්ගා මමත් උදව් කරන්නද"

"අනේ ලොකු දෙයක් බබා... හෙට අලුතින් අය එන හින්දා මේ ටික චෙක් කරලා බලන්නත් ඕනි"

"හරි ශාන්ගා මම මොනාද කරන්න ඕනි"

"ම්ම් මම දෙන file ටික ඔයා ආයි පාරක් චෙක් කරලා තියන්නකෝ බබා ඒ ඇති. එතකොට මට දෙපාරක් බලන්න දෙයක් නෑනේ"
,
,
,
,
[යැන්ග් සි ගේ නිවස]

"දුව පොඩ්ඩක් එන්න මට කතා කරන්න දෙයක් තියෙනවා"

තම පියා කතා කිරීමට යන දේ ගැන දන්නා නිසාම යැන්ග් සි බයෙන් බයෙන් එතනට ගිහින් පියා අසලින්ම ඉදගත්තා..

"පපා"

"මේ ශාන් මොකද කියන්නෙ දැන්"

"මේ..පපා ආම්"

"යැන්ග් සි"

mr.Yang කෑ ගහපු පාර යැන්ග් සි බියෙන් ඔහු දෙස බැලුවේ කවදාවත් තම පියා  තමන්ට නමින් අමතා නැති නිසා ඔහුට ගොඩක් කේන්ති ගිහින් කියලා දැනුන නිසයි.

"ප..පපා"

"උබ හිතන් ඉන්නෙ මම මුකුත් දන් නෑ කියලද ආ යැන්ග් සි... උබ අර හිගන්නා එක්ක එහෙ මෙහේ ඇවිදින ඒවා මම දන් නෑ කියලා හිතුවද... මම කියලා තියෙනවනේ උබට... උබ බදින්නේ XZ Company එකේ අයිතිකාරයා Xiao Zhan විතරයි... මට ආයි ආයි ඕක ගැන කියන්න තියාගන්න එපා... අනික උබ ආයි අර හිගන්නාව හම්බ වෙයන්කෝ බලන්න.. උබේ ඒ හිගන්නා ජීවත් වෙනවට ආස නම් ඌව අතෑරලා මම කියන විදියට වැඩ කරපන්... ආයි මම නොකිව්වා කියන්න එපා..."

"අනිත් එකා අර ශාන් ඌ කොහෙවත් යන කොල්ලෙක් එක්ක මගුල් නටනවා... එහෙනන් ඒකයි ඌ ත් ඉස්සර ඉදන්ම මැරේජ් එකට අකමැති.... ඌ ගැනත් මම බලාගන්නම්කෝ. දැන් යනවා කාමරේට. මම කියනකල් ගෙදරින් එලියට බහින්න තහනම්"

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Where stories live. Discover now