chapter 12🌹

1K 199 13
                                    

ටේගෙ ලගට වෙලා ටික වෙලාවක් එයාගෙ මූන දිහාම බලන් හිටියෙ එයා මේ වෙලාවෙත් කොයි තරම් නම් ලොකු දුකක් විදිනවා ඇත්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන ගමන්මයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේගෙ ලගට වෙලා ටික වෙලාවක් එයාගෙ මූන දිහාම බලන් හිටියෙ එයා මේ වෙලාවෙත් කොයි තරම් නම් ලොකු දුකක් විදිනවා ඇත්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන ගමන්මයි...ඒත් ඒ දේ තේරුම් ගන්න උත්සාහ කරන්න කරන්න මගේ හිතත් ගින්නකින් පිච්චෙනවා වගෙයි මට දැනුනෙ..

ඇස් දෙකට ආව කදුලු බින්දු පිහදාන ගමන් මම ටේගෙ ඇදේ පැත්තකට වෙන්න වාඩි උනා...අසනීප නිසා සුදුමැලි වෙලා ඉන්න ටේව දකිද්දිත් මට දරාගන්න බැරි තරම් දුක හිතුනා...

"ටේ...බියන්නෙ.....මම මේ දේවල් දැනගෙන හිටියනම් කවදාවත් ඔයාට කරදරයක් වෙන්නෙ නෑ....ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ මම කලේ ඔයාගෙ කාලකන්නි ජීවිතේ තවත් කාලකන්නි කරන එක විතරයි....එක අතකට බලනකොට ඔයයි මායි දෙන්නම මහා අවාසනාවන්තයො....ඔයා පව්ලක් නැති නිසා දුක් විදිනවා..මම ඉන්න පව්ලෙන් ගැලවෙන්න බැරුව දුක් විදිනවා...අපි දෙන්නම මේ දුකින් ගැලවෙන්න ක්‍රම හොයන අසරන ලමයි දෙන්නෙක් ටේ.....කවදහරි...කවදහරි ...අපිටත් අවස්තාවක් එයි...එතකල් උත්සාහ කරන්න...අත අරින්න එපා...ඔයාට මම ඉන්නව ටේ....ඔයා තනි වෙලා නෑ....."

ඇස් දෙකෙන් කදුලු දාරවක් වැටෙන්න ගත්තා....මගෙම වචන වලට මාව රිදුම් දුන්නා...මට ඕනි උනෙ ටේට මේ ටික කියන්න..ඒත් එයා ඉන්න තත්වෙ එක්ක තවත් රිදවන්න මට ඕනි නෑ....

මම හිමීට මගෙ අත ටේ ගෙ අත උඩින් තිබ්බා....ටේ ඔයා තනි වෙලා නෑ.....මම ඔයත් එක්ක ඉන්නවා කියලා මට කැ ගහලා කියන්න ඕනි උනා....

ඒත්....

මම ටේ ගෙ අත අතාඇරලා නැගිට්ටා...මෙතන තවත් ඉන්න තරම් මගෙ මනස හොද තත්වෙක නෙවෙයි තියෙන්නෙ...

මට එක අඩියයි ඉස්සරහට තියන්න උනේ....

එකපාරටම ටේ ගෙ අත් දෙකෙන් මාව තද කරලා වැලදගත්තෙ මගෙ ඇග පුරා හීන් හිරියක් යවන ගමන්...

❌𝐀𝐋𝐖𝐀𝐘𝐒 𝐌𝐈𝐍𝐄❌(COMPLETED)✔️✔️Where stories live. Discover now