🤍 Chapter 14 🤍

827 218 353
                                    

" මොන මල විකාරයක්ද ..."

zhan ද යිබො ට නොදෙවනි හඬකින් හයියෙන් කතා කරන්නට උනා..

----------------------------------------------------------

Zhan's pov

මන් wash දාලා නිදාගන්න යනකොටම ගේ දෙවනත් වෙන්න මහ හයියෙන් yibo කෑ ගහනවා ඇහුනා

ඇත්තටම මට හොදටම කේන්ති ගියා... මගේ ගෙදර මෙච්චර දවසකට කවුරුවත් කාටවත් ඇහෙන්නවත් කතා කරන්නේ නැහැ.. කිසිම සද්දයක් තිබිලා නෑ. yibo ආපු දවසේ ඉදන් sam පවා වෙනස් වෙලා වගේ මට දැනෙනවා.. මෙච්චර හයියෙන් කෑ ගහන්නේ මෙයාට මොන යකෙක් වැහිලද කියලා මට බලාගන්න ඕනි උනා..

මගේ ගෙදර ඉදන් මගෙන් අවසර ගන්නේ නැතුව මෙයා කොහොමද කෑ ගහන්නේ..

කිසිම හේතුවක් නිසා කවදාවත් මහ රෑට මගේ කාමරෙන් එලියට නොඑන මම අද ජිවීතේ පලවෙනි පාරට මහ රෑ කාමරෙන් එලියට ආවා. මන් කෙලින්ම ගියේ yibo ගේ room එකට හොද දෙකක් කියන්න කියලා හිතාගෙන ..




ඒ යනකොට මන් දැක්කේ කෑ ගගහා හිටපු එයා එකපාරටම අඬන්න ගත්තා... අනේ මන්දා මෙයාට මොකක් වෙලාද.. එතකොටයි මන් දැක්කේ එයාගේ ඔලුව වටේම ලොකු bandage එකක් දාලා තියෙනවා... මන් එතන ඉන්නවා කියලා එයා දැක්කේ නැති නිසා එයා දිගටම මොනවදෝ කිය කිය හයියෙන් කෑ ගගහා අඬන්න ගත්තා... මන් දොරට හේත්තු වෙලා බලන් හිටියා මෙයා මේ මොකක්ද කියන්නේ කියලා... සෑමුත් yibo දිහා බලන් හිටිය නිසා එයා දැක්කෙත් නැහැ මන් පිටිපස්සේ ඉන්නවා කියලා. ඒ වගේම yibo කෑ ගහන එක නවත්තන්නෙම නැති නිසා මට සිද්ධ උනා මගේ කට අරින්න

"මොකද මේ"

මන් එහෙම අහනවත් එක්කම sam ව උන්හිටිතැනින් අඩි ගානක් උඩ විසික් උනේ දාඩියත් දාන ගමන්.. මේ ගෙදර හැමෝම මට බයයි .. ගෙදර විතරක් නෙවෙයි මාව දකින, මාත් එක්කම ඉන්න හැමෝම මට බයයි.. ඒක එහෙම වෙන්න ඕනී... ඒකයි මගෙ විදිය.. ඉතින් මන් හිතුවා අනිවාරෙන් yibo ත් මාව දැක්කාම බය වෙලා අඬන එක නවත්ත ගනී කියලා...

ඒත් එයා මාව ගනන් ගත්තෙවත් නැහැ... අඩුම තරමේ අඬන එකවත් නැවැත්තුවේ නැහැ... ඒ වෙනුවව එයා අඬන සද්දේ තවත් වැඩි කලා... මට දැන් මේක හොදටම එපා වෙලා තියෙන්නේ.. තවත් ඉවසන් ඉන්න බැරිම තැන මන් තව ටිකක් සැරෙන් කතා කලා

Destiny ジ臆セ (Onhold) Where stories live. Discover now