🤍 Chapter 3 🤍

855 205 170
                                    

@canteen

@canteen

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඕයි.... තව burger එකක් අරන් එනවකෝ. මට මේක කෑවට බඩ පිරුනේ නෑ බන් . නිකන් ඉන්දියන් සාගරේ ලගින් පොල්ලෙල්ලක් ගියා වගේ ..... මුන්ට බැයිද මේක තව ටිකක් ලොකුවට හදන්න ... දවස් දෙක තුනක් ඉඳගෙන එකදිගට කන්න පුලුවන් වෙන්න.... " cheng යූබින් දෙසට හැරි තම අඳෝනාව දිගහරින්න ගත්තේ kuan තමන් දෙස හොරෙන් බලන් ඉන්නවා කියලත් ඇස් කොනින් දකින් ගමන්.

"තමුසෙ නම් මහ මොකෙද්ද බන් cheng . තවුසෙට කෙල්ලෙක්වත් සෙට් වෙන්නේ නැති එක අහන්න දෙයක් නෙවෙයි ඉතින්. අනික අර එහා table එකේ කෙල්ලො ටිකත් මේ පැත්ත බලන් ඉන්නවා . පොඩ්ඩක් වැදගත් විදියට හැසිරෙනවකෝ . මන් දිහාද කොහෙද එයාලා බලන් ඉන්නේ." yubin තරහෙන් කියලා දැම්මේ චෙන් එක්ක හිටියොත් සදා තනිකඩ වෙනවා කියලා සිතින් මෙනෙහි කරගන්න ගමන්මයි.

" හහ්.... මෙ මට ..කෙල්ලෙක් ... පුහ්හ්හ්.. ඕන කෙල්ලෙක්ව පෙන්නන්න..... සිං සිං ගාලා මන් දාගෙන පෙන්නන්නම්. එනව මෙතන මට විහිලු කරගෙන ." මවාගත්ත උජාරුවකින් cheng කියලා දැම්මේ පිඟානේ තියෙන සෝස් ටිකත් අතින් අරන් ලෙවකන ගමන් .

"මනුස්සයෙක් වගේ කාපන්කෝ බන් ..... හරි එහෙනම් පුලුවන් නම් අර අතන table එකේ ඉන්න කොන්ඩේ ponytail එකක් දාගෙන සුදු කෙල්ලෙක් ඉන්නේ ඒ කෙල්ලව සෙට් කරගෙන පෙන්නන්න." yubin කිව්වේ මල පෙරේතයෙක් වගේ කන cheng දිහා බලලා කින්ඩියට හිනා වෙවී ji ynag ට පහකුත් ගහන ගමන් .

"කවුද ..කවුද .අරයද ...හහ් ... මේවත් වැඩද මල්ලි ..ඔහොම ඉන්නවා මන් ඒක කරලම පෙන්නන්න" tissue එකක් අරන් අතයි , කටයි පිහදාන ගමන් cheng පුටුවෙන් නැගිට්ටත්, එක අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි උනේ කොහේදො මන්දා ඉදන් සීතල අතක් ඇවිත් තමන්ගේ අතින් තදින් අල්ලලා නවත්තපු නිසයි .

Destiny ジ臆セ (Onhold) Where stories live. Discover now