ප්‍රේමය නම්

155 35 6
                                    

ප්‍රේමයම ඇඳහැවූ ප්‍රේමයම දරාගත්
කවි සිතින් විමසුවෙමි.
තෙපේ ප්‍රේමය කිමෙක්ද?

යවල් සැර විඳි ඊයම් බරු දැරූ
ගල් ගැසුණු හදවතට සීරුවෙන් තෙපලුවෙමි
සබඳ,නුඹ දුටු ප්‍රේමය කිමෙක්ද?

ශිශිරය දෙස බලාගෙන ග්‍රීශ්මෙට අතවනන
වසත් හදවතෙන් ඇසුවෙමි.
ප්‍රේමය නම් කිමෙක්ද?

අමාවක දෙස බලාගෙන මගේ සඳ එනතුරා
ඉකිබිඳින හදවතින් විමසුවෙමි.
අමාවක පසුවූපසුව නුඹේ සඳ පැමිණෙත්ද?
ප්‍රේමය නම් එයද?

නොඳනිමි...
අදත්
ප්‍රේමය නම්......
කියා නිහඬ වී නතර වෙමි.

-black camillia=

හුස්මක්..Where stories live. Discover now