ඇගේ සිනහාව

106 28 11
                                    

අපි දෙන්නා දොඩමළු වෙච්ච රහස්
එදා වාගෙමයි,
හුලඟ හෙමිහෙමින් මට ඒවා මුමුණනවා.

අපි දෙන්නා දෑත් බැඳ ගිය මාවත
එදා වාගෙමයි,
මතක පෙළ ලඟ මාව තනිකරනවා.

අපි දෙන්නා ජීවිතේ දුන්න මල් පැලේ
එදා වාගෙමයි,
පිපි කුසුමින් සැරසිලා මට ඔබේ වත පසක් කරවනවා.

අපි දෙන්නට ආසිරි පැතූ කෙවිලිය
එදා වාගෙමයි,
ඇගේ ගී වලින් මාව සනසනවා,

මල් වැසි වැස්සූ තුරුපෙළ
එදා වාගෙමයි,
ඒ සිසිලස මට ඔබේ උණුහුම කියා දෙනවා,

ඒත්.....

මට ජීවිතේ කියා දුන්න ඔයා...
එදා වගේ නෙවෙයි,
හිනාවෙන් මුව සරසගෙන මං දිහා බලං ඉන්නවා.
නිහඬවම ඒ සොහොන් කොතත් ඒ සිනහවෙන් සරසනවා...

-black camilla-

හුස්මක්..Where stories live. Discover now