කෑම කන්න වුනේ නැහැ අර සිද්දිය නිසා. මම එතනින් නැගිටලා ආවා. ඒත් මම දවසකින් විතර හරියට කාලා නැහැ. මට බඩගිනි. ඒත් කන්න යන්න තරම් මගේ ගාව සල්ලි නැහැ. කමක් නැහැ සන්ග්හුන් ඔයා දවසක් නොකා හිටියේ නැත්තම් මැරෙන්නේ නෑනේ.
"තමුන් ඇයි ඔච්චර දුර්වල? ඔහොම හැමදාම අනිත් අයට තමුන්ව පාගන්න දෙනවද?" මට කාගේ හරි කටහඬක් ඇහුනත් ඒ කටහඬේ අයිතිකාරයා නම් පේන්නවත් හිටියේ නෑ. ඒ කටහඬ ගෑණු ලමයෙක්ගේ.
"කවුද ඔය?" මම ඇහුවා.
"ඔයාම හොයා ගන්න." ඒ කෙනා කියපු නිසා මම ආපහු වටපිට බැලුවත් මට දකින්න පුලුවන් වුනේ ලග තිබුණ ලොකු ගහකුයි තණ පිට්ටනියයි විතරමයි. කර කතාවල කියනවා වගේ මේත් තණකොල අස්සේ හැංගිලා ඉන්න කූරුමිට්ටෙක් හරි fairy කෙනෙක් හරිද දන්නේ නැහැ. කුරුමිට්ටෙක් වෙන්න බෑ. ගෑණු ලමයෙක්ගේ කටහඬක් නේ. Fairy කෙනෙක් වෙන්න ඕන.
"ඔයා කවුද fairy?" මම ඇහුවා.
"සුරංගනා කතාවල එල්ලිලා ඉන්න කෙල්ලෝ දැක්කට මම ඒවගේ එල්ලිලා ඉන්න කොල්ලෙක්ව නම් දැක්කමයි" ඒ කටහඩ කියනවා මට ඇහුනා.
"මම fairy කෙනෙක් නම් නෙවෙයි." එයා කිව්වා.
"එහෙනම් ඔයා කවුද?" මම ඇහුවේ මම එයා කුරුමිට්ටේක් කියලා හිතුවත් කුරුමිට්ටෝ එයාලාට කුරුමිට්ටා කියලා කියනවට අකමැති කියලා දන්න නිසා.
"මම... මම කවුද කියලා ඔයාට කියන්නම්. හැබැයි ඔයාට මුලින් ඔයා ගාව තියෙන ගහට නගින්න වෙනවා" එයා කිව්වා. "පුලුවන්ද?"
_Sunghoon_
YOU ARE READING
R.O.S.E Blue (Sunghoon Ff) ♤Complete♤
Fanfictionමම ආදරේ කරන කෙනා මට ලොකු බොරුවක් කිව්වා. එයා ඒ කියපු බොරුව නිසා රෝපණය නිල් රෝස පඳුර දිගටම මගේ බෙල්ලේ වර්ධනය වෙන්න ගත්තා. දිගටම... දිගටම මට ඒක වහන් ඉන්න බැරි වෙන තරමටම. මුලින් බෙල්ලෙන් වේදනාව වගේම ගලපු ලේ බින්දු මම ඉවසන් හිටියා. ඒත් ඒ නිල් රෝස පඳුර ම...