♡︎chapter 03♡︎

755 159 9
                                    

"නෑ...අලුත් කඩේකට යනවනම් වෙන්න බෑ.."😕මගේ හිත කියන්න උනා....
දැන් දැන් අපි යන පාර පටු වෙනව වගේ ම  කැලෑවෙන් වැහෙන්න වුනා..මේ මොකද වෙන්නෙ දැන්නම් මට බයයි .🙄🙄
පැය දෙකක ගමනින් පසු අපි ගමනාන්තයට ලං උනා..

දැන් වෙලාව හරියටම ප.ව. 6.00 ...
හෑ..😲මෙන්න බොලේ කැලේ මැද සාප්පුවක් ...
හරි අමුතුයි ..😯😮

අමුත්තක් හිතට දැනුනත් ..තාත්තිට හුරුපුරුදුයි වගේ තාත්ති යන නිසා මාත් එයාගෙ පස්සෙන්ම ගියා ....😌

එහෙ තිබ්බෙනම් සාමාන්‍ය බඩු නෙමෙයි...මගේ ෆේවරිට් කලර් එක නිල් පාට නිසා මම ගන්න බලාගෙන ගියේ නිල් පාට බඩු ටිකක් ...ඒත් එතන තිබ්බ ඔක්කොම බඩු කලු පාටටයි ,රතු පාටටයි හුරු ඒව....🙄❤️

මම ඇතුලට ගියත් බය නිසාම ආයේ එලියට ඇවිත් කාර් එකට වෙලා හිටියා..☺️

එතනට ආපු ගොඩක් මිනිස්සු අසාමාන්‍ය විදිහට සුදු මැලියි..(මේක නිකන් වැම්පයර් මාකට් එකකට ඇවිත් වගේනෙ 😯)

කාර් එකට වෙලා වෙවුල වෙවුල හිටිය මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ ඈත තියාම එන තාත්තී දැකලා...😅තාත්තිගෙ අතේ ලොකු මල්ලක් තියෙනවා...ඒකේ මොනා තියෙනවා ඇතිද..😏😏

තාත්තී කාර් එකට නැග්ග ගමන් මම කලේ මල්ල උදුරගෙන බලපු එක ...
ම්ම්...හුම්...මුකුත් නෑ..පොත් පත් වර්ග තමයි ..
හැබැයි ගොඩාක් ඒව ලේ වර්ග ගැන,ඇස් පෙනීමේ දුරවලතාවයන් ගැන ,මිනිස්සු ගැන වගේ ඒවා...ඒ අතර සාමාන්‍ය පොතුත් තිබ්බා..
ඊට අමතරව කලුයි රතුයි ලෝගු වගේ තුනක් තිබ්බා...(ඒ ලෝගු තමයි 😂)ඒ වගේම අත්දිග ඇදුම් වගයකුත් තිබ්බා...

මේ දේවල් වලින් මට හරි අමුත්තක් දැනෙනවා...අනේ මන්දා😒....

අපි ආයේම ගෙදර එන්න පිටත් උනා...ගෙදර එන්න පිටත් වෙද්දි  රෑ .10.00 ට විතර ඇති..මමයි තාත්තියි යන ගමන් හොට්ල් එකකින් බුරියානි 4කුත් අරගෙනයි ගියේ...(අපේ ගෙදර ඉන්නේ 3දෙනයි නේ...හතරවෙනි එක කාටද කියල බලනවද..ඒක අපේ සූටි මල්ලිට..😂මල්ලි කිඋවෙ අපේ බලු පැටියට..එයා ඉතින් ගෙදර සූටි පුතා වගේ තමයි...😅)

අපි ගෙදර යද්දි ඔම්මා...ගේට් එක ගාවට වෙලා බලන් හිටියා...මට අහන්න ප්‍රශ්න කෝටියක් තිබ්බත් මම මුකුත් අහන්න ගියේ නැත්තෙ මගේ කට ආයෙමත් අමුතු වෙනව වගේ දැනුන නිසයි..අනික අහල වැඩකුත් නෑ...කියන්නෙ නෑ නේ..😕ඉක්මනින් ගේ ඇතුලට දුවපු මම වොශ් රූම් එකට ගිහින් කණ්ණාඩියෙන් බැලුවෙ කටේ මොකක් හරි වෙනසක් වෙලාද කියලා..✋☝

ම්ම්..එහෙම දෙයක් නෑ ...ඒත් ඇස් දෙකනම් පොඩ්ඩක් රතු වෙලා...

ඔම්මා...ඔම්මා...ඔම්මා...
අනේ මගේ ඇස් දෙක රතු වෙලානේ...
අද දවසම මහ අමුතු දේවල් වෙන්නේ....

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

♡︎ Vampire Academy ♡︎ (complete✔️)Where stories live. Discover now