♡︎chapter 05♡︎

708 154 10
                                    


මොනවා මට අවුරුදු 1000 ක්ද....😖😖

ඒත් මට එච්චර කාලයක් මතක නෑනේ ඔම්මා...🤔

එහෙම තමයි...ඔයාට අවුරුදු 1000 ලැබුවට පස්සෙ තමයි ජීවත් වෙන අවුරුදු ගාන මතක හිටින්නෙ....ඒ වැම්පයර්ස්ලගෙ හැටි....ම්ම් ඒක ගනන් ගන්න එපා...

ඒත් ඔම්මා...🙄🙄මට තාමත් විශවාස කරන්න බෑ...මම ඇත්තටම වැම්පයර් කෙනෙක් කියල ඒකත් රාජකීය කෙනෙක් කියල..☝😕...

ඔම්මා...මෙච්චර කල් ඉඳලත් මේ අවුරුදු 1000 ඇතුලත ඇයි මගේ මේ වැම්පයර් ලක්ශන මතු වුනේ නැත්තෙ...😮

සෙමී ...ඔයාට හැමදාම උදේට දෙන බෙහෙත් වර්ගය ඔයාගෙ වීස් එකට දෙන එකක් නෙමේ...ඒක සාමාන්‍ය බෙහෙතක් නෙමෙයි...ගොඩාක් පැරැණි කාලේ ඉඳලා පැවතගෙන එන වට්ටෝරුවක්...මේක නිසා තමයි අපේ ගොඩක් වැම්පයර්ස්ල ආරක්ශිතව හැංගිලා ජීවත් වෙන්නේ...ඒ වගේම මේ බෙහෙත පාවිච්චි කරාම අපිට අපේ ජීවය පවත්ව ගන්න ලේ ඕනි වෙන්නෙත් නෑ...
ඒත් අපේ පෙලක් වැම්පයර්ස්ල තාමත් ලේ වලින් යැපෙනවා...😖

හරි ..ඒ ගැන වැඩිය ඕනි නෑ ...
අද හවස 6.00ට වාහනයක් එයි ඔයාව ඇකඩමි එකට එක්ක යන්න...☺️
ආහ් මට කියන්න බැරි උනා...ඔයත් එක්ක යන්න තව යාලුවෙක් ඉන්නවා...එයත් ඔයා වගේම මිනිස් ලෝකෙ හැංගිලා හිටපු කෙනෙක්...ඒ ඔයාට වගේ අපලයක් තියෙන නිසානම් නෙමෙයි...එයාගේ ඔම්මයි අප්පයි දෙන්න ගොඩක් සාමාන්‍ය ජීවිතේකට තමයි කැමති උනේ...ඒ නිසා තමයි එයා මෙහේ ජීවත් උනේ...ඒත් අපේ පැරණි නීති සම්ප්‍රදාය නිසා එයාවත් ඇකඩමියට යවන්න වෙනව.....

මම මිත්‍යාවන් පිලිබඳව විශ්වාස නොකලත් මේ සිද්ද වුන දේවල් නිසා....මට මේ ගැන විශ්වාස කරන්න වුනා..😟දහවල්  කාලය ගෙවිල ගියේ ඇකඩමියට යාමට බඩු ලැහැස්ති කිරීමෙන්...😌පුදුමයකට වගේ අද ඔප්ප උදේ ඉඳල පේන්න නෑ ....අනේ මන්දා කොහේ ගිහින්ද කියලා...

බඩු ලැහැස්ති කරල ඉවර වුනාට පස්සෙ මම ඇඟ සෝදගෙන දවල්ට කෑවා...දවල්ට කිවුවට වෙලාවනම් ප.ව.3.45 ට විතර ඇති 🤭🤭

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

දැන් වෙලාව ප.ව.6.00ට ලඟයි....ඇකඩමි එකට යන්න ලැහැස්ති වෙලා ටීවී බල බල හිටපු මට ගේට් එක අරින සද්දයක් ඇහුනා...(ලැහැස්ති වෙලා ඉන්නව කිවුවට මොකද තාම යන්නෙ කොහෙද ,මොකෙන්ද යන්නෙ කියලවත් තාම දන්නෙ නෑ🙄 )මම දොර ගාවට ගියේ කවුද ආවේ කියල බලන්න....ඔම්මා මෙන්න අප්පා ඇවිල්ලා...☺️"අප්පා මෙච්චර වෙලා කොහෙද හිටියේ" අප්පාගේ අතේ එල්ලෙන ගමන් මම එහෙම ඇහුවා...
"අනේ නෑ දූ..මම උදේම ඔයාගේ යුනිෆෝර්ම් ටික අරන් එන්න ගියා...තව අර ඔම්ම කියන්න ඇතිනෙ ඔයාගෙ වයසෙම දුවෙක් ගැන එයාලවත් හම්බ වෙලා යන එක ගැන එහෙම කතා කරගන්න ගියේ"...
එහෙම කිඋවත් අප්පගෙ අමුතු වෙනසක් තියෙනව කියල මට හිතුනා...මාව මග හරින ගතියක් වගේ නිකන් 😟

අනික මගේ ඔප්පා වැම්පයර් කෙනෙක් කිඋවට එයාගෙ කටේ දිග දත් දෙකක් නෑනේ...🙄

දැන්නම් 6.00ට ගොඩක් ලඟයි....එතකොටම වගේ ගෙදර බෙල් එක රින්ග් වෙන්න ගත්ත...මම ගිහිල්ල දොර ඇරියා...නැන්දා කෙනෙකුයි මාමා කෙනෙකුයි...මගේ වයසෙ වගේ කියන්න පුලුවන් ගෑනු ලමයෙකුයි දොර ඉස්සරහ හිටගෙන හිටියා...ඒ ගෑනු ලමයටත් එයාගෙ ඔම්මටයි අප්පටයි දෙන්නටත් අපේ වගේ දිග දත් දෙක ගානෙ තිබ්බා...මට හිතුනා🤔 මේ අර අපේ ඔම්මයි අප්පයි කියපු ලමයයි එයාගෙ ෆැමිලි එකේ අයයි කියල...☺️

"ඔම්මා....🤓🤓කවුද ඇවිල්ලා" කියාගෙන මම කිචන් එකට දිවුවා....

"කවුද සෙමී??.."..ඔම්ම එහෙම ඇහුවා...

"ඔම්මා අර ඔයා කිවුව මගේ වයසෙ  ලමයයි එයාගේ ෆැමිලි  එකේ අයයි මම හිතන්නෙ" 😁😁

"ඇයි ...දැන් ලමයො එයාලට ගේ ඇතුලටවත් අඬ නොගහද මේ දුවගෙන ආවෙ"...😱😤

"ඔව්නේ ඔම්මා"...🤓🙄

"අනේ දෙයියනේ මේ ලමයනම්...රාජකීයයි කියල කියන්නත් ලැජ්ජයි"..😳එහෙම කියල ඔම්ම අත් දෙකත් පිහිදගෙන සාලෙට යද්දි අප්ප එයාලට ඇතුලට අඬගහල තිබුනා...

ඔම්ම = "අනේ බලන්නකො ...අපේ ලමය ඔයාලට ඇතුලට අඬගහලවත් නෑ නේ.."..

අර ගෑනු ලමයගෙ ඔම්ම = "අනේ ඒකට කමක් නෑ ...අපේ දුව වුනත් කරන්නෙ ඕකම තමයි...ලමය අපිව අඳුරන්නෙ නෑ නේ...😁ඒක නිසා වෙන්න ඇති.."

ඔම්මා = මේ දරුවගේ නම මොකක්ද කිවුවේ...

අර ගෑනු ලමයගෙ ඔම්ම = මෙයාගෙ නම *_තරූ_*...😁ඔයාලගෙ දූගෙ නමනම් සෙමී කිවුවනෙ..🤓

ඔව් ඔව් මෙයාගෙ නම සෙමී....☺️

එතකොටම ගේට් එක ඉස්සරහ වාහනයක් නතර කරන සද්දයත් ඒත් එක්කම ප.ව.6.00 කණිසමත් වැදෙන්න වුනා...

අපේ ඔම්මලයි තරූලගෙ ඔම්මලයි දෙගොල්ලම කලබලයෙන් වගේ අපේ බෑග් ටික අරගෙන අපිවත් ඇදගෙන පාරට ගේට් එක ගාවට දිවුවා...එතන කලු පාට කාර් එකක් නවත්තල තියෙනව අපි දැක්ක...ඒ කලු කාර් එකේ ඉඳලා කෙනෙක් එලියට ඇවිත් අපිට ඇතුලට නගින ලෙසට අන කලා...එසැනින් මමයි තරූයි දෙන්න කාර් එකට නැග්ගා.....එයාට මී පැණි වගේ හමක් තිබ්බත් පොඩි  සුදුමැලි ගතියක් තිබුනා...මූන හරියට බලාගන්න බැරි වුනේ මූනත් එක්ක වැහෙන්න කැප් එකක් දාගෙන හිටපු නිසා....🙄

මමයි තරූයි කාර් එකේ ඉඳන්ම ඔම්මලටයි අප්පලටයි අත වැනුවා ✋ .......
එසැනින් වාහනය යන්න පටන් ගත්තා.....😮

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

♡︎ Vampire Academy ♡︎ (complete✔️)Opowieści tętniące życiem. Odkryj je teraz