❤️ අවසන් හාදකම ❤️

3.4K 491 223
                                    

❣️🖤
අසීමාන්තික ප්‍රේමය මට දුන්
නුබේ උතුම් දෙව් ආත්මයට මං,
පේවීලා හිදිමි..
❣️🖤

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ආදරය එකතුවෙන තැන හරි සුන්දරයි.. මං දන්නෙ නැ ලොකූ , යෙවිස් මේ අසම්මතයට පවුලේ අයගේ කැමැත්ත කොහොම ගත්තද කියලා.. ඒත් ඒ හැමෝම අද අපි වෙනුවෙන් ඇවිල්ලා.. අපේ සතුට බලලා එයාලත් සතුටු වෙන හැටි බල බල මං සැනසීමෙන් ඇස් දෙක මොහොතකට පියා ගත්තේ එකපාරටම, මගේ කම්මුල් තෙත හාදු දෙකකින් තෙමිලා යද්දී..  මගේ පිස්සු හබීලා දෙන්නා.. මං අයියලා දෙන්නගෙම මූණු අත්වලින් අල්ලලා බැලුවේ මම දකින්නෙ හීනයක්ද කියලා මටම හිතුන නිසා... මොකද මේක මට සුරංගනා කතාවක් වගේ, ජීවිතේට සිද්ද වෙන්නෑ කියලා හිතුව...

"අයි ලව් යූ..."

මං ඒ දෙන්නටම කිව්වේ මාරුවෙන් මාරුවට ඒ රළු තොල් යුගල දෙක මගේම කරගෙන.. පිස්සුයි වගේ මට.. දැන් ඒ දෙන්නම මගේ කියලා හිතෙනකොට මට මේ ලෝකේ වටේට සිංදු කිය කියා දුවන්න හිතෙනවා... අයියලා දෙන්නත් මාව කිටි කිටියේ තුරුලු කරන් උන්නේ එයාලගේ ඇස් වලත් කදුළු පුරෝගෙන.. ඒත් මං දන්නවා ඒ සීයට සීයක්ම සතුටු කදුළු.. අපි අපේම උනාම දැනෙන අසීමාන්තික සතුටට උනපු කදුළු ඒ..

"කොහොමද අයියේ.. කොහොමද අපේ මේ හීනේ හැබෑවුනේ..."

මං ඇහුවේ ඒ දෙන්නගෙන්ම.. දවස් දහ හතරක් ඇතුලේ මේ සිද්ධවුන විපර්‍යාසේ මානව පරිණාමයටත් වඩා පුදුමයි... අපේ පරම්පරාවෙ නම්බුව දෙකේ කොලේට දාලා මාව එක කොල්ලෙකුට නෙවෙයි, කොල්ලො දෙන්නෙකුටම ලියලා දෙන්න එයාලා මෙහෙම ආපු එක විශ්වාස කරන්න පුලුවන් දෙයක් නෙවෙයි...

"සීයා අප්පච්චි මැරුණා සුදූ..."

යෙවිස් මගේ ඔලුව අතගාලා කියද්දි මාව ගැස්සිලා ගියා.. හත්තික්කේ ඒකයි එහෙනම් මේ .. ලොකු සැනසීමක් හිතට ආවත් තත්පරෙන් ඇස් වල කදුළු පිරුණේ, ඒ මනුස්සයගේ අන්තිම මොහොතෙවත් ලග ඉන්න බැරි උනානේ කියලා දැණුන දුකට  මං මුල අමතක කුහකයෙක් නෙවෙයි.. එයාලා මට ගොඩාක් ආදරේ කරපු කාලෙ මට තාම මතකයි.. ඉතින් පස්සේ කාලෙ මොනා උනත් ඒ මිනිස්සුන්ගේ මරණ මොහොතටත් වෛර කරන්න තරම් මගේ හිත නපුරු උනේ නැහැ..

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now