❤️ එකොලොස්වෙනි හාදකම ❤️

2.2K 378 117
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුබේ උතුම් දෙව් ආත්මයට මං ,
පේවිලා හිදිමි ...

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

වසර පහකට පසු----------------------------------------------

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

වසර පහකට පසු
----------------------------------------------

             කණ කපලා දොයියන් හිටිය සැප නින්දට අදත් ඉර මාමා හෙනහුරා වගේ පාත් උනා..  රෑට බැල්කනියේ ඉදන් සිගරට් බීලා බෙඩ් රූම් එකට එනකොට කර්ට්න් එක හදන්න කියලා මං කොච්චර කිව්වත් මේ මිනිහා ඒක අහන්නෙම නෑ.. අත පය කැඩෙනෝනේ මුගේ ඒක ඩිංගක් හදලා ආවම. ගොනාසේ ඇවිත් නිවාඩු දවසෙත් මට නිදාගන්න නැති කරන එකමයි කරන්නේ.. ඇස් දෙකට වැටුණ ඉර එලිය අතින් මුවා කරගෙන මං හැරුණේ සැපට දොයියන් ඉන්න මගේ මෝඩ හස්බන්ඩ් දිහාට..

                      පහුගිය අවුරුදු පහේ මගෙ ලගින්ම ඉන්න හෙවණැල්ල..  යුවිත් කියන්නේ යොමේන්ගේ රෝස පොහොට්ටුව උනාට, යුවිත් රෝස මලක් උනේ මේ අත් දෙක මැද්දේ... රෝස සුදු මූණෙ කටු කටු රැවුලෙන් වැහුනෙ නැති තැනක් හොයලා මං කුණුකෙල පිටින්ම එයාට හාදුවක් දුන්නා.. හිතෙන් නැතත් නීතියෙන් බැදුණු කසාද ජීවිතේට දැන් අවුරුදු තුනක්.. ඒක මං විතරක් නෙවෙයි මගේ එහා පැත්තේ ඉන්න මෝඩ රාලත් දන්නවා.. ඒත් අදටත් මුගේ කරදරෙන් මට නිවනක් නෑ.. දුස්ට සැමියා..

                    උදේ පාන්දර නිකන් ඇහැරුණු එකේ,  මං ඇදෙන් බැහැලා බිම තිබුනු ජර්සි එක ඇදගත්තා.. මේ ඇම්ස්ටර්ඩෑම් නගරේ තද හීතලකින් වැහිලා යන කාලේ.. මුලින්ම මෙහේ ආව දවස්වල මං දවස ගත කලේ බ්ලැන්කට් එකක් අස්සේ ගුලි වෙලා, ආසාවට එලියට අඩිය තියන්නෙ නැතුව.. කොහොමද යන්නේ යකූ ඇට දෙකත් එක්ක ගල් වෙන්න එද්දී.. ම්හුක්.. ජර්සිය ඇතුලෙම අත් දෙකත් දාන්, ඉන්න තැනම දෙතුන් පාරක් උඩ පැනලා මං ගියේ මගේ මෝඩ #යෙවිස්ට බෙඩ් ටී එක හදන්න.. අවුරුදු පහකට පස්සේ තාමත් ටිකක් බර කරලා ඇවිදිද්දී රිදුම් දෙන කකුල් එක්ක අත්වැටට වාරු වෙලා මං ප්‍රවේසමට කිචන් එකට ආවා... කසාද බැන්දා කියලා, එයාගෙන් කාලා ඇදලා ඉන්නවා ඇරෙන්න මගෙන් වෙන යුතුකමක් යෙවිස්ට නොවෙන එකේ අඩුම කන්න බොන්න ටිකවත් හරියට ඒ මනුස්සයට හදලා දෙන එක මට සතුටක්..

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)حيث تعيش القصص. اكتشف الآن