❤️ පහලොස්වෙනි හාදකම ❤️

2.3K 428 93
                                    

❣️🖤
අසීමාන්තික ප්‍රේමය මට දුන්
නුබේ උතුම් දෙව් ආත්මයට මං,
පේවීලා හිදිමි..
❣️🖤

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

" මං මේ පාර කිසිම හේතුවක් නිසා එයාව දාලා යන්නේ නෑ... එයාම මට යන්න කියනකම් මම කොහැල්ලෑ ගුලියක් වගේ ලොකූට ඇලිලම  ඉන්නව.. "

මම ඇම්ස්ටර්ඩැම් වල හන්දියේ කඩෙන් රුපියලට දෙක ගාණේ  අරන් ආව ගට්ස් ඔක්කොම ඇගටයි හිතටයි පුරෝගෙන කිව්වා.. ඒත් හිතුවටත් වඩා ඉක්මණට ඒ ඔක්කොම දියවෙලා ගියේ බාතෲම් එකේ දොරත් ඇරන් නිවාන් ඇතුලට එද්දී..

මූටහ්.. භල්ලා..  හිත යටින් නිවාන්ට පලු යන්න බැන බැන මං හතරවිලිලැජ්ජාවෙ යෙවිස් අස්සෙ හැංගුනා.. හැයි අප්පා ඔහොමත් කඩාපාත් වෙනවද බාතෲම් අස්සට.. මං හරි හැටි ඇදුමක්වත් ඇදලා හිටියේ නෑහ්...

"අඩෝ...සොරි වෙන්නෝන..."

නිවාන් එක අතකින් දඩබඩ ගාලා ඇස් දෙක වහගෙන කිව්වේ මට හෙන මෝඩ තාලේ හිනාවක් දාන ගමන්.. ඔක්කොම කොරලා සොරි කියන හැටි විතරක්.. හුම්ම්ම්.. 

"අනික ඔය හූණු බි#* මං මොනා බලන්නද බං..."

ඔක්කොමත් හරි අන්තිමට ඌ කෙකර ගගා හිනාවෙවී කිව්ව එකට තමයි මට මලපැන්නේ ..

"පලයං යන්න ටජිකිස්‍තාන් පුප සතු එළුවා...😤"

යෙවිස් පස්සේ හැංගිලා ඉන්න ගමන්ම කකුල දික් කරලා නිවාන්ගේ පුපට පයින් ගහන ගමන් මං කෑ ගැහුවේ උගේ හැකර කට වැහිලා යන්න.. මුං ඔක්කොම මගේ එකට අරවා මෙව්වා කියන්නේ මුංට රාජකීය අංග පිහිටලා තියනෝ වගේ...හහ්..

"යන්න වෙන්න මට නෙවෙ උබට... ආන් ලොකූට බදින්න තා කෙල්ලෙක් ගෙනත්..."

නම නිවාන් උනාට ඌ මේ බාතෲම් එක මැද්දේ සනිකව ඇවුලුවේ ලැව් ගින්නක්... ඌ කිව්වේ ඇත්තද බොරුද කියලා දන්නැතුවත් මගේ කොන්ද දිගේ සීතලක් දුවලා ගියා...

"වට් ද පක්..."

සිරාවටම මගේ හුම්මත් හිරවෙලා ගියාද මන්දා ඒක අහලා... දැම්මම තව මේඝලතාවක් මගේ අතිපූජණීය ලව් එකට හෙනහුරා වගේ පාත්වෙලාද..

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now