❤️ විසිදෙවැනි හාදකම ❤️

2.3K 376 105
                                    

❣️🖤
අසීමාන්තික ප්‍රේමය මට දුන්
නුබේ උතුම් දෙව් ආත්මයට මං,
පේවීලා හිදිමි..
❣️🖤

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"මං මරනවා ඒ සේරොම... මගේ අප්පච්චි වෙනුවෙන් මගේ අම්ම වෙනුවෙන් මම වෙනුවෙන්.. මං පලි ගන්නවමයි ඔය කස්තුරි කියන ගෑණිගෙන්..."

මං අත් දෙකත් මිට මොලවන් කියද්දි ලොකුයි යෙවිසුයි ගැස්සිලා වගේ මං දිහා බැලුවා..

"සුදූ..."

"යුවීහ්.. "

ඒ දෙන්නම එකම ටෝන් එකෙන් ඊට වඩා හයියෙන්  මට කෑ ගහද්දී මං ඉක්මණට මාව කූල් කරගත්තා.. හෝව් හෝව් යුවී.. දැන්ම කළඹල වෙන්න නරකයි.. හැබැයි කස්තුරිට සමාවක් නම් දෙන්නෑ කීයටවත්...

"හරි හරි දැම්ම නෙවෙයි.. බය වෙන්නෙපා... ඒත් ඊට කලින් මට යන්න තැනක් තියෙනවා ලොකූ... ප්ලීස් මාව අපේ ගෙදර එක්කන් යන්න"

මං කිව්වම ලොකූගෙයි යෙවිස්ගෙයි කට ඇරිලා ඇස් බෝල වෙලා ගියා.. මං දන්නවා හීනෙකින්වත් ඩබල හිතපු නැති දෙයක් මං ඉල්ලුවෙ කියලා.. මොකද යෙවිස් කෙසේ වෙතත් මායි ලොකුයි අපිටම පොරොන්දු වෙලා හිටියේ ආයේ ඒ ගෙදර පය තියන්නේ නෑ කියලා...

"ඔයාට පිස්සුද සුදූ... ගෙදර යන්න අහන්නෙ.."

ලොකූ මගෙන් එහෙම අහද්දී යෙවිසුත් මගේ දිහා යන්තමට වගේ ඔරවලා බැලුවා.. යකූ පිස්සුද මන්දා ඔරවන්න දෙයක් කිව්වැයි මම...හුහ්..

"මට යන්නෝනෙ එයාලා ඔක්කොටම කියන්න දෙයක් තියෙනවා මට.. "

මං පපුව මැද්දෙ අත් දෙක බැදගෙන ඒකාධිකාරයෙන් කියලා දැම්මා.. නැහ්නම් බෑහ් මේ දෙන්න එක්ක.. මං දැක්කා ජෝඩුව මූණෙන් මූණ බලන් ඉගිකරගන්නව.. ලොකූ ඔන්නොහෙ යං කියලා කියද්දී යෙවිස් ගෝටස් එපා එපා කියලා ඔලුව වනනවා.. බලන් ඉතින් ඒ ද්‍රෝහීකම.. මහාලොකුවට මට ආදරෙයිලු ඒත් දෙයක් කරවගන්න ගියාම දහ අතේ වදින්න ඕනෙ...

"මේහ් මට යන්න ඕනේ ඕනෙ ඔනේමයි.. ඔයාලා බෑ කිව්වොත් යුවීන්වත් අරන් හොරෙන් හරි යනෝ මම්..."

අන්තිමේ මං කියලා දැම්මේ ලොකූත් යෙවිස්ගේ පැත්තට ටික ටික ඇදිලා යනෝ දැකලා.. හැයි අප්පා ඒමත් පුලුවන්ද.. මේ දෙන්නා මාව ගණන් ගන්නෙම නැතුව යයි ඕම ඉදලා.. මං නේ ගෙදර අම්මා.. තාත්තලා හැටියට එයාලා මං කියනදේ එපැයි අහන්න.. හහ්...

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Donde viven las historias. Descúbrelo ahora