❤️ සත්වන හාදකම ❤️

2.2K 353 108
                                    

❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං,
පේවිලා හිදිමි ...

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ලොකූ..."

මං අයියගේ අතින් තද කරලා අල්ලගත්තේ අයියාගෙ ලිප්ස් යන්තමට මගේ නලලේ කෙලවරක ගෑවෙනකොට..

"මං ඉන්නවා සුදූ .. කවුරු මොනා කිව්වත් ඔයාගේ අත අතාරින්නෙ නෑ.."

අයියා මගේ දෝතම එයාගෙ ලොකු අත්ලට මැදිකරන් කිව්වේ එකපාරටම සෂිකා ටිච ප්‍රින්සිපල් සර්ගේ කැබින් එකේ දොර ඇරන් එලියට එද්දී..

"කෝ එන්න ඇතුලට.."

ටීච අපි දෙන්නට කතා කරලා ලගට ගත්තා..

"මේ ඇතුලේ කට්ටිය මොනා කිව්වත් කට වහගෙන අහන් ඉන්න හරිද.. මේ වෙලාවෙ වැදගත් එක්සෑම් ලියන්න අවසර ගන්න එක..."

ටීච කාටත් හොරා අයියටයි මටයි ඇහැක් ගාලා කණට කොදුරලා කියනකොට මට හිතුනේ ඔක්කොම පැත්තක දාලා ටීචව බදගෙන උම්මා ගොඩාරියක් දෙන්න.. ගුරුවරු අම්මට තාත්තට සමාන කරන්නෙ බොරුවටම නෙවෙයි කියලා තේරෙන්නේ මේ වගේ ටීචර් අම්මලා දකිනකොට...
ටීච කිව්වා වගේම මායි අයියයි සිරිමත්ගේ අප්පොච්චි වගේ තැන්පත්කමට බිම බලාගෙන පිනා කැබින් එකට ගියා.. හිත නොගැස්සෙනවා නෙවෙයි.. ඒත් අයියා මගෙ අත අල්ලන් දීපු පොරොන්දුව එක්ක මට හිතෙනවා මට ඕන දේකට මූණ දෙන්න පුලුවන් වෙයි කියලා..

"හොදයි.. සෂිකා මිස්, මම ඒවගෙම අපේ රාජසිංහ සර් මෙතන ඉන්න අනිත් ගුරුවරු හැමෝමත් එක්ක කතා කරලා ඔය දෙන්නා ගැන තීරණයක් ගත්තා.. "

පිනා සර් අර රියැලිටි ෂෝ වල තරග ප්‍රතිපල කියනකොට වගේ හොදම තැනට ගෙනත් කතාව නතරකරා.. පපුව ඇතුලේ හාර්ට් එක උඩරට නැටුම් එක්ක පහතරට මික්ස් කරලා නටනවා වගේ .. ලොකූ ආයෙම යන්තමින් වගේ මගේ අත අල්ල ගත්තේ මගේ පපුව ගැහෙන සද්දේ එයාටත් ඇහිලද මන්දා..

"පුංචි කාලේ ඉදලම ස්කෝලෙ නමට කිසි වරදක් කරලා නැති හින්දයි, ප්‍රිෆෙක්ට්ලා විදියට ස්කෝලේ වෙනුවෙන් ගොඩාක් කැපවීමෙන් වැඩ කරලා තියන හින්දයි දෙන්නටම මේ වතාවට විතරක් සමාවක් දෙන්න තීරණේ කලා.. හැබැයි ස්කෝලේ ඇතුලේ මගුල් නටන්න නම් තියාගන්න එපා. කොටින්ම යොමේන්ටයි යුවිත්ටයි ස්කෝලේ ඇතුලේ කතා කරන්න අවසර තියෙන්නේ රාජකාරි දෙයක් ගැන විතරයි...දෙන්නා තනියම නම් මොනම හේතුවකටවත් මේ කොහේවත් ඉදලා අහුවෙන්න එපා..."

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)حيث تعيش القصص. اكتشف الآن