❤️ විසි තුන්වෙනි හාදකම ❤️

2.4K 363 128
                                    

❣️🖤
අසීමාන්තික ප්‍රේමය මට දුන්
නුබේ උතුම් දෙව් ආත්මයට මං,
පේවීලා හිදිමි..
❣️🖤

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

                  මං කාර් එකට නැගලා විනාඩි දහයක් යනතුරුත් එයාලා තාම හිටිය තැන් වලම ගල් වෙලා කල්පනාවක.. සමහරක්විට ලොකුයි යෙවිසුයි ආයෙ එන එකක් නැතිවෙයි.. මොකද අම්මා අප්පච්චි නැන්දා මාමා හතරදෙනාම මේ ටික කාලෙට අවුරුදු දහයකින් වයසට ගිහින් වගේ.. වාහනේ යතුර ඩෑෂ් බෝඩ් එක උඩ තියනවා දැක්ක නිසා, මං වාහනෙන් නොබැසම ඩ්‍රයිවින් සීට් එකට මාරු උනා... සමහරවිට මේ මගෙ කතාවෙ තවත් එක අන්තයක් වෙන්න ඇති... යුවීන් මැණිකව නම් කාටවත් දෙන්න හිතහදාගන්න බැරිඋන නිසා මං එයාව පපුවට තුරුලු කරගෙනම වාහනේ ස්ටාර්ට් කරා... දැන් තියෙන්නේ ආයෙත් සත්දිරුවට යන්න... ආයෙ නොඑන්නම...

"සුදු...."

වාහනේ ස්ටාර්ට් කරපු සද්දෙට, ලොකූ ඇවිත් ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි එකේ ෂටර් එකට තට්ටුවක් දැම්මා.. මං බ්ලැක් ටින්ටඩ් ෂටර් එක පාත් කලේ ලොකූගේ කදුළු පිරුණ ඇස් ඉර එළියට දිළිසුම් දෙනවා බලන්...

"මං ටික දවසක් ඉදලා එන්නම්.."

ලොකූ කිව්වෙ මගේ ඇස් මග ඇරලා... දොස් කියන්නෙ නෑ මං.. අවුරුදු පහක් තිස්සෙ අපේ හිත් නොසෑහෙන්න රිදෙව්වත් අවුරුදු විස්සකට කිට්ටු කාලයක් අපිව උපරිම සතුටෙන් තිව්වා අපේ අම්මලා.. ඉතින් කොහොමද කියන්නෙ අසනීපෙන් ඉන්න අම්මා අප්පච්චිව දාලා එන්න කියලා.. වතුරට වඩා ලේ ඝණකමයි කොහෙත්..

"යුවී මාත්... අපි අම්මලා ගැන බලලා ඉක්මණට එන්නම් ඔයා ලගට... "

යෙවිසුත් ඇවිත් මගේ ඔලුව අතගාල කියද්දී මං ඔලුව වැනුවා.. අපිට තව ජීවිත කාලයක්ම ඉතුරුයි.. අයියලා මගෙන් ඉල්ලන කාලය මං එයාලට දුන්නෙ සතුටින්... එයාලා මට තියන ආදරේ ගැන මං හොදටම දන්නවා.. ආයේ ආවත් නැතත් වෙන කෙනෙක්ව මැරි කලත් නැතත් ඒ හදවත් දෙකම ගැහෙන්නෙ මගේ නමට කියලාත් මම දන්නවා...

"මං යන්නම්... පරිස්සමින් ඉන්න... "

මං ෂටර් එකෙන් එලියට ඔලුව දාලා ඒ දෙන්නගෙම කම්මුල් හාදු වැස්සකින් තෙමලා දැම්ම... යෙවිස් , ලොකූ හොදටම අඩනවා... එයාලගේ කදුළු වල ලුණු රස මගේ තොල් වල තැවරුණෙ මගේ ඇස් වලටත් කදුළු උණාගෙන එද්දී... අඩන්නෙපා කියන්න හයියක් නෑ.. ඒත් එයාලාට හැමදාම දෙපැත්තට කට්ටි පනින්න බැරි නිසා, අඩලා අඩලා හරි තීරණයක් ගනී..

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Onde histórias criam vida. Descubra agora