❤️ දහසයවෙනි හාදකම ❤️

2.3K 386 157
                                    

❣️🖤
අසීමාන්තික ප්‍රේමය මට දුන්
නුබේ උතුම් දෙව් ආත්මයට මං,
පේවීලා හිදිමි..
❣️🖤

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

"ලොකු පුතේහ්... 😢"

යෙවිස් කියන්න ගිය එකත් මගින් නැවතුනා එකපාර අම්මා කාමරේට කඩන් පැන්නම... යෙවිස් දඩ බඩ ගාලා මෙලෝ ඇදුමක් නැතුව හිටිය මගේ ඇගට බෙඩ් ෂීට් එකක්  දැම්මේ ලොකූ සටස් ගාලා අපිව කවර් කරන් අම්මාට මූණ දීලා හිටගන්නකොට... ඒත් මං ගැස්සිලා ගියේ අම්මගේ පස්සෙන් කාමරේට ඇදිලා එන සේනාව දැක්කම.. අප්පච්චිලා මාමලා නැන්දාලා ආච්චිලා සීයලා මුත්තලා හතර වරිගෙම අපි හිටිය පුංචි කාමරේට ඇවිත් පැක් උනා..

          මිනිස්සු හරි විවිධාකාරයි කියන්නෙ නිකම්ද..  කට්ටිය ලොකූ දිහා ලොකු බයකින් බලනවා.. යෙවිස් දිහා ලොකු ආදරයකින් බලනවා.. මට මූණ පුරා ඔරවනවා... හැමෝම මේ අඩාගෙන ඇවිත් කරන්න යන්නෙ හොද දෙයක් නෙවෙයි කියලනන් තේරෙනවා.. හරියට deja wu එකක් වගේ, අවුරුදු පහකට කලින් වෙච්ච දේවල් ආයෙම වෙනවා වගේ මට දැනුනා... එදත් මේ වගේම මුළු පරම්පරාවම මං අතපය පණනැතුව ඉදපු පුංචි හොස්පිට්ල් කාමරේට කඩන් වැදුණේ මගේ ජීවිතේ වටිනාම දේ මගෙන් උදුරගන්න.. මගේ මුළු ජීවිතේදි මම වින්ද ලොකුම හිත් වේදනාව මට දීලා යන්න... අදත් ඒකම වෙයිද කියලා බයේ මම යෙවිස්ගෙ අතේ එල්ලුනා... යෙවිස්ට මාව හොදට තේරෙනවා.. මගේ අයියා මාව තුරුල් කරන් ඇදේ කොණක වාඩි උනේ, එදා වගේම අදත් එයා මං ගාව ඉන්නවා කියලා අනිත් අයට කියලා දෙන්න...

"අනේ ලොකූ... මගේ දරුවෝ "

යෙවිස්වයි මාවයි සම්පූර්ණෙන්ම මග ඇරලා අපේ අම්මා හැරුණේ ලොකූ දිහාට.. එයා ඇස් වල කදුළු බේරි බේරි ලොකූ ගාවට ගිහින් එයාව බදාගත්තේ නැන්දත් හිමි හිමිහිට ලොකූ ගාවට කිට්ටු වෙද්දී...

"අ...අ..අනේ මගෙ රත්තරනේ... පු..ප්..පුංචි කාලෙ ඉදන් ඇ..ඇ...ඇහේ මූණේ තියන් හදපු ක්..ක්..කෙල්ල උබව විස්වාස කරලා උබට භාරදුන්නේ උ..උ...උබ ඒකිව රකියි කියලා හිතාන.."

අම්මා මහා ඉකිගැහිල්ලක් අතරින් වචන අහුල අහුල කතාකරන්න ගත්තේ ලොකූට ලොකූ කතාවක් කියන්න වෙන්නෝනෙ..

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now