❤️ දෙවන හාදකම ❤️

3.2K 467 100
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අසීමාන්තික ප්‍රේමය මට දුන්,
ඔබේ උතුම් දෙව් ආත්මයට මං ,
පේවිලා හිදිමි ......

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ලොකූ මාව එයාගේ තුරුලට ඇදලා අරන් මට ෂර්ට් එක අන්දන්න ගත්තේ විඩෙන් විඩේ මගේ මූණ ඉබ ඉබ...  මේකා අදනන් ඉන්නේ හොදටම ඇවිස්සිලා.. ෂර්ට් එක අන්දන අස්සෙත් අයියගේ අත් ෂර්ට් එකට යටින් මගේ ඇග පුරාම දුවනවා..  ඒ පිස්සා ඇවිලෙනකොට මාත් ඉබේම ඇවිලෙනවා ඉතින් හය්යූ සංසාරේ.. මං අයියව බිම පෙරලන් එයාගේ ඇග උඩට එන්න හදනවත් එක්කම අපි දෙන්නව ගැස්සිලා ගියේ කැලෑවේ කොල සර බර ගාන සද්දෙකින්.. හුටා දෙහුටා මලකෙලියයි.. මොකෙක් හරි නසරාණියෙක් දොලට එනවා නේද.. ??

"ල්ල්...ලොකූ..."

"සුදූ.."

අපි දෙන්නටම හීන් දාඩිය දාගෙන ආවා.. දොල ගාව ඉන්න එක නෙවෙයි ප්‍රශ්නේ.. මං ඇදන් ඉන්නේ ලොකූගේ ෂර්ට් එක විතරයි.. ලොකූයි මායි දනි පනි ගාලා නැගිටගත්තේ කරන්න දෙයක් හිතාගන්න බැරුව...දොල වටේට ගල් කියලත් මහා ගොඩාක් නෑ මං කොහේ හැංගෙන්නද..

"සුදු අයියේ...."

අපි දෙන්නගෙම හීන් දාඩිය මහ දාඩිය වෙලා ගියේ ඒ එන්නෙ වෙන කවුරුවත් නෙවෙයි මගෙ ලොකූට එක සිතින් පණ පුදන් ඉන්න එයාගේ ඇවැස්ස නෑනා නිසා.. මගෙ වන් ඇන්ඩ් ඔන්ලි නංගි බඩ්ඩ..

"සුදූ දැන් මොකද කරන්නේ..."

ලොකූ නාහෙන් අඩද්දී මං ඒ ගොන් වාහේ දිහා ඔරවලා බැලුවා.. ඒකගේ මෝඩකම් නිසා තමයි සේරොම.. ෂෝයි එකට නිදන් උන්නු මාව ඇදිවත පිටින් මෙතෙන්ට උස්සන් ආවා.. මෙතෙන්ට ඇවිත් මාව දොලේ ඔබලා ඇදිවතත් නැති කරා.. මං දැන් මෙතන ඉන්නව සුදු ෂර්ට් එකකුත් ඇදන් සෙක්සි කෑල්ල වගේ..හුහ්...😡

"දැන් ඉතින් මොනා කරන්නද.. ඔය රට මගුලට මොකක් හරි කියලා හරවල යවනවා.."

මං අයියාව නංගී එන පැත්තට තල්ලු කලේ හිත අකමැත්තෙන්.. නංගී අයියට ආදරේ කියලා දන්න හින්දා මං හැමවෙලේම උපරිම ට්‍රයි කරනවා දෙන්නා අතරට මහා බාධක කොරල් පරයක් වෙන්න...ඒත් ඉතින් දැන් මොනා කරලා කරන්නද.. ලොකූ මූණ ඇදකරන් නංගී එන පැත්තට දිව්වේ මං හීන් සැරේ බැද්ද අස්සෙන් ගෙවල් පැත්තට බඩගානකොට.. මැදෑ රුකුලේ පදින්න ආවා.. අන්තිමට උනේ භාගෙට හෙලුවෙන් කටු අකුල් අස්සේ රිංගන්න.. මාව අහුවෙන්නේ නැති වෙන්න ලොකූගේ හත් මුතු පරම්පරාවම මතක් කර කර මං අන්තිමේ ගෙදර එනකොට මගේ මුළු ඇගම තිබ්බේ රතුවෙලා..

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now