❤️ දහඅටවෙනි හාදකම ❤️

2.3K 370 176
                                    

❣️🖤
අසීමාන්තික ප්‍රේමය මට දුන්
නුබේ උතුම් දෙව් ආත්මයට මං,
පේවීලා හිදිමි..
❣️🖤

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"පර්ෆෙක්ට්..."

ලොකූට ඉබේටම කියවුනේ වෙද ගෙදර ලස්සන බලන ගමන්...මටනම් හිතට පුදුම සැනසීමක් දැනෙන්න ගත්තේ වෙද ගෙදරට අඩිය තිව්ව ගමන්මයි... කොටින්ම මට ගෙදරයි ඒහෙදී හිතට ආව ප්‍රශ්නයි ඔක්කොම අමතකවෙලා ගියා...

"පුතේ ..  එන්න ඔයාලාගේ කාමරේ ලෑස්‍තියි.. "

එකපාරටම හරිම ලස්සන තරුණ පාට ගෑණු කෙනෙක් ඇවිත් කියද්දී අපි හැමෝම එයා ගාවට ගියා.. සිරාවටම දිව්‍ය ලෝකෙන් මේ දැන් ගොඩබැහලා වගේ... පට්ටම ලස්සන රත්තරන් පාට හම මෙයාලට ඇවිත් තියෙන්නෙ කොහෙන්ද මන්දා... සමහරවිට ඉස්සර රාජ කුමාරියෝ පාවිච්චි කරපු රහස් බේත් යූස් කරනවද දන්නෑ.. හිහී..  ටිකක් පහු වෙනකල් ඉදලා අහලා බලන්න ඕනෙ... මාත් මේ වගේ සස්සනට හිටියොත් අපේ ලොකූටනේ ආඩම්බර..

"ඔයා හරි ලස්සනයි... "

ලොකූගේ අත් උඩට වෙලා සැපට ඉන්න ගමන් මං කිව්වේ අපි ඉස්සරහින්  යන ගෑණු කෙනාගේ දිග කොණ්ඩෙ අල්ලනගමන්.. මං කරපු වැඩේට ලොකුයි යෙවිසුයි මං දිහා රවලා බැලුවත් ඒ ගෑණූ කෙනානම් මාත් එක්ක කටපුරෝල හිනාවුනා...

"මං විතරක් නෙවේනේ ඔයත් හරිම ලස්සනයිනේ.."

එයා කිව්වෙ මගේ කම්මුලකුත් මිරිකලා.. ඒත් එක්කම එයා හැරිලා යෙවිස් අතේ උන්න අපේ පුතාට දෝත පෑවා...

"මේ අම්මා අපේ වෙද අප්පච්චිගේ නෝනද??"

ලොකූ ඇහුව්වෙ අපේ නවාතැනට යන අතරමග එයා ලොකූ ආදරේකින් අපේ පැංචව හුරතල් කරනවා බලාගෙන..

"ඔව්.. මගේ නම සංසාරී.. ඒත් මෙහේ අයනම් කියන්නේ සුදු අම්මා කියලා..."

සංසාරී අම්මා කිව්වේ මිදුලේ කෙලවරකට වෙන්න රෝස මල් යායක් මැද්දෙ තිබුනු පුංචි කාමරයක් ලග නැවතිලා.. එයා, එයාගේ අතේ තිබුනු යතුරක් මට දුන්නේ මට කාමරේ දොර අරින්න කියලා ඉගි කරන ගමන්..

"අද ඉදන් ඔයා සනීප වෙනකම් මේක තමා ඔයාගේ ගෙදර... ටිකක් මහන්සි ඇරලා නා කියාගෙන මහ ගෙදරට එන්න.. නාන කාමර තියෙනවා පිටිපස්සේ.."

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Donde viven las historias. Descúbrelo ahora