Capter 01

4.3K 321 38
                                    


හෙට තමයි ශාන්ට ගුරුවරයෙක් විදියට පාසලට යන්න තියන පළවෙනි දවස. නිවසේ සිට පාසලට පැය 2 ක පමන දුරක් ඇති නිසා පාසල අවටින් එපාර්ට්මන්ට් එකක් ගන්න ශාන්ට පුලුවන් උනා..
අද හවස් වෙනකොට එපාර්ට්මන්ට් එකට  යන්න ඕනි හින්දා ශාන් තමන්ගේ  අත්‍යවශ්‍ය භාණ්ඩ අසුරගත්තේ රැගෙන යාමටයි...

සියල්ල සුදානම් කරගත් ශාන් පහලට පැමිණියේ මව් පියන්ට සමු දී එපාර්ට්මන්ට් එකට යෑමටයි.

ශාන් පහළට එන විටත් අම්මයි අක්කයි දෙන්නා ශාන් එනකල් බලාගෙන සෝෆා එකේ වාඩිවෙලා හිටියා ඉතින් ශාන් ඒ දෙන්නට සමු දීලා ඩ්‍රයිවර් එක්ක එපාර්ට්මන්ට් එකට පිටත් උනා..

එම එපාර්ට්මන්ට් එක ජනාකීරිණ පරිසරයක පැවති සියලු පහසුකම් වලින් යුතු සාමාන්‍ය ප්‍රමාණයේ එපාර්ට්මන්ට් එකක් විය.ශාන් ගේ සිතට නම් එය සතුටක් විය.
ශාන්ගේ සිතට දැනුන එකම දුක වූයේ හෙට සිට තනියම වැඩ ටික කරගැනීමට සිදුවීමයි.. නැට්ට පිටින් අලි මැරෙන එකේ ඕක මොකක්දැයි සිතූ ශාන් එපාර්ට්මන්ට් එක ඇතුලට ගොස් තම බඩු අස් කරන්නටවිය.
╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍
Next day morning............

උදෑසනම එලාම් එකේ සද්දෙන් නැගිට්ට ශාන් බැලුවේ වෙලාව දිහායි.. තවම 6.10  ඌ නිසා සුසුමක් හෙලූ ශාන් ඊලගට වොශ් රූම් එකට ගොස් පිරිසිදු වී පාසල් යාමට සූදානම් උනා ලෑස්තිවෙලා කණ්නාඩියෙන් තව වතාවක් තමන්ගේ රූපේ දිහා බලපු ශාන් සෑහිමකට පත්ව උදෑසන ආහාරයට යමක් සාදා ගැනීම සදහා කුස්සියට ගියා.

කුස්සියට ගියපු ශාන් සුසුමක් හෙලා කවදා කාපු කටුදැයි සිතින් සිතා රාමෙන් එකක් පිළියල කර ආහාරයට ගෙන පාසල වෙත යාමට පිටත් වුනි.

පාසලට ගියපු ශාන් තම කාරය පාක් එකේ නවත්වා මුලින්ම ඔෆිස් එකට ගියේ විදුහල්පති හමුවීමටයි. එම පාසලේ විදුහල්පති වූයේ ශාන්ගේ අක්කාගේ මිතුරෙකු වූ Mr.Liu Hai Kuan මහතායි.කුඩා කල සිටම ඔහු තමන්ගේ සොයුරෙක් ලෙස සිටි නිසා එය ශාන්ට සැනසුමක් විය.විදුහල්පති හමුවීමට යනවිටත් විදුහල්පති නඩුවක් විසදමින් සිටිනු දුටු ශාන්ගේ මුවේ සිනහවක් නැගුනේ තමාද  පාසල් යන කාලයේ කල වැඩ වලට මෙලෙස දඩුවම් ලැබූ බව මතක් වීමෙනි.

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Where stories live. Discover now