[අහස් මේඝය දෙවැනි දිගහැරුම... ඒත් ඉල්ලීමක්!
⛔ අහස් මේඝය අමතක කරන්න.. ⛔
මේ වෙනස් කතාවක්.. ඔයාලට තේරෙවි ඇයි මේක අහස් මේඝයේ දෙවෙනි දිගහැරුම වෙන්නෙ කියලා ඉස්සරහදි.. ඒත් දැනට අහස්නව මේඝව අමතක කරලා අපි ඉස්සරහට යමු...මේ දෙමස්සිනෝ....]
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
ඔබේ උතුම් දෙව් ආත්මයට මං,
පේවිලා හිදිමි ........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
"ස්...ස්..."
බාගෙට නිදන් ඉදපු මං ඔලුව උස්සලා බැලුවේ කව්ද මේ උදේ පාන්දර වත්තට ඇවිත් ඉන්න නයා කියලා.. අප්පා !! නයෙක් නෙවෙයි නයි රාජයෙක්නේ.. මං ආසම ලොකුම නයාගේ අයිතිකාරයා.. කොහොම උනත් ඒක වෙනම කතාවක්.. 🤭
"ලොකූ..."
මං කාමරේ දොරත් ඇරන් එලියට බැස්සේ ජනේලේ ගාව ඉදන් සූව දාන්න මගේ මස්සිනාට හැදුන පිස්සුව මොකද්ද කියලා දැනගන්න... ඇයි හත්වලාමේ යස අගේට ගෙට එන්න අවසර දීලා තියෙද්දී මූට වටින්නේ නෑනේ ජනෙල් අස්සේ කොටු පනින්න..
"අහ්හ්.. සුදූ එලියට ආවද..."
ලොකූ හෙන මෝඩ හිනාවක් දාගෙන මගේ ලගට ඇවිත් මාව කරට උස්සගත්තා..මේ ලොකූ..මගේ ඇවැස්ස මස්සිනා.. මං සුදූ..ලොකූගේ ඇවැස්ස මස්සිනා.. සිංහල සම්ප්‍රදායට ගරු කරලා මස්සිනාට මස්සිනා ආදරයක් අපි හදාගත්තේ අම්මලට දුකක් දෙන්න බැරි නිසාමයි.. ඕහ් යෙස්.. මස්සිනා අයිති වෙන්න ඕනේ නෑනටම නෙවෙයිනේ.. මල විකාර.. හැබැයි ඉතින් ලොකූ ගැන අහස උසට බලාපොරොත්තු ගොඩ ගහගෙන ඉන්න එයාගේ ඇවැස්ස නෑනා, දැට්ස් මීන් මයි සිස්ටර් ආන්න එයා ගැනනම් මට දැනෙන්නේ සාතිශය සංවේගයක්... මොකද මේ මස්සිනා ඒ නෑනට දෙන්න මට මගේ හිත හදාගන්න අමාරුයි..
"මොකද්ද මෝඩයෝ ජනේලේ ලග සූ ග ගා කරන්නේ.."
මං ලොකූගේ ඔලුවට ටොක්කක් ඇන්නේ ලොකූ මගේ පස්ස පැත්ත කොනිත්තලා මාව බිමින් තියනකොට...
ඕකා ඔහොම්මයි.. වලා.."නැ ඉතින් හැමදාම දොරෙන් එන එකේ කිසි ගතියක් නෑනේ.. මට හිතුනා අද වෙනසකටත් එක්ක ජනේලෙන් පනින්න.."
![](https://img.wattpad.com/cover/279309236-288-k516023.jpg)
YOU ARE READING
❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)
Romance❤️ අසීමාන්තික ප්‍රේමය මට දුන් ඔබේ උතුම් දෙව් ආත්මයට මං, පේවීලා හිදිමී..... 😘