19ᵗʰ 𝐸𝑝𝑖𝑠𝑜𝑑𝑒✍︎

414 66 7
                                    

hospital එකට ගියා.....

   Hospital එකට ambulance එක ගිය ගමන් නිශූවයි ඕශිවයි ICU එකට දැම්මා ජින්ව ඔපරේෂන් තියටර් එකට අරං ගියා එයාගෙ අතේ තිබුණු උණ්ඩෙ අයින් කරන්න ජින් එක්ක නම්ජුනත් ගියා අනිත් අය ICU එක ලගට ගියා ඕශිවයි නිශූවයි ICU එකට ඇතුල් කර ගමන් doctorsලා 10ක් විතර දුවගෙන ඇවිත් ICU එක ඇතුලට ගියා එයාලා ඇතුළෙ කතා බහ කරන දේවල් එලියට නෑහුනත් බලං හිටිය අයට තේරුනා කෙල්ලො දෙන්නාගෙ තත්වෙ series කියලා ජන්ග්කුක් ICU එකේ දොරට අත් තියාගෙන නිශු දිහා කදුලු පිරි ඇස්වලින් බලාගෙන හිටියා කෙල්ලො දෙන්නටම ඔක්සිජන් දෙනවා හැම තැනින්ම බට ගහලා පැයක විතර ඔපරේෂන් එකකට පස්සෙ ජිනුත් එතනට ආවා doctorsලා කිව්වත් ජින්ට විවේක ගන්න ගෙදර යන්න කියලා ඒ වෙලාවෙ ජින් හිටියෙ කවුරුවත් කියන දෙයක් අහන මානසිකත්වයක නෙවෙයි ඒ නිසා නම්ජූන්වත් එයාව නවත්වන්න උත්සාහ කරේ නෑ ඒ නිසා ජින් කෙලින්ම ගියේ ICU එක ලගට ජින් යනකොට හැමෝම බිත්තියට හේත්තු වෙලා බිම බලාගෙන කල්පනා කරනවා එයාලා හිටිය විදිහ ජින්ගෙ හිතේ පොඩි බයක් ඇති කරා

Jin-: සුගා එයාලට කොහොමද

Suga-: ආ හියුන්ග් ඔයා ආවද මෙතනින් වාඩි වෙන්නකො

Jin-: මට වාඩි වෙන්න උවමනාවක් නෑ එයාලට කොහොමද කියලා කියන්න

Suga-: තාම doctorsලා මුකුත් කිව්වේ නෑ එයාලා තාම ඇතුළෙ

Jin-: එයාලට මුකුත් වෙන එකක් නෑ නේද නම්ජුනා

RM-: නෑ හියුන්ග් නෑ එයාලට මුකුත් ම වෙන්නෑ ඔයා දැං මෙතනින් වාඩි වෙන්නකො doctor කිව්වනෙ රෙස්ට් කරන්න කියල

    තවත් පැය දෙකකින් විතර doctor කෙනෙක් එලියට ආවා ජින් තමයි ඉස්සෙල්ලම ගිහිං doctor එක්ක කතා කරේ

Jin-: doctor එයාලට කොහොමද

Doctor-: අපි වෙඩි වැදුණු කෙනාට ඔපරේෂන් එකක් කරා ඒක සාර්ථකයි එයාට සිහිය ආවා ම ward එකට දාන්න පුලුවන්

Jin-: එතකොට අනිත් කෙනා

Doctor-: එයා... එයා ගොඩක් series Mr. Seok Jin මං මෙහෙම කියනවට මට සමාවෙන්න අපිට එයාව බේරගන්න බැරි වෙයි එයාගෙ ඇග ගොඩක් දුර්වලයි ඒ වගේම එයාගෙ ලේවල ඕනෑවටත් වැඩිය මත්ද්‍රව්‍ය තියෙනවා

❤️𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄❤️[𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]Where stories live. Discover now