Postscript ( පසුවදන )

1.5K 354 139
                                    


වසරකට පසු.....

" ඉයුන් කියා............. යාහ් මේ මගුල ඇඳන් ඉන්න බෑ.... රස්නෙයි... "

" ඔප්පා ................ "

" කට රිදෙනවා බොරුවට හිනා වෙලාම... දැන් මං මේක ඔයාවත් උස්සන් පැනලා දුවනො මෙතනින්... මට එපාම වෙලා... මට බඩගිනී.. කට රිදෙනවා "

" කොහෙද ඉතින් හිනා වෙන්න දන්න එකෙක්දැයි.. කොයිවෙලෙත් ගල් ගිලලා වගේ බුම්මගෙන නේ ඉන්නේ.. සැක්.. බබෙක් වගේ ඔප්පා ඔයත් . "

ජින්ට බැන්නට මොකද මටත් පන ගිහින් තිබුනේ... ම්ම් ඔව් අද අපේ වෙඩින් එක.... අනික් කට්ටිය ජොලියේ දගලද්දි අපි දෙන්නගෙම බාගෙට පන ගිහින් තිබුනේ... ජින් අද මට ලෙන්ස් දාන්න ඉඩ දුන්නේ මගේ ස්පෙක්ට්ස් ගැලෙව්වම මෙලෝ හත්තිලව්වක් පේන්නේ නැති නිසයි.. නැත්තං ඉතින් දුම්මල වරම අතට අරන් වගේ නේ නටන්නේ

ජින් තාමත් ඇරෝ කෙනෙක්... ඒත් දැන් ජින් මිශන් වලට යන්නේ හුඟක් අඩුවෙන්... මොකද දැන් එයත් ඒකෙම උසස් නිලයක් තියෙන කමාන්ඩර් කෙනෙක්... ඒ වගේම කිම් ගෲප් එකේ වර්තමාන ceo ..

" ඉයුන් කී... එන්න අපි යන් දැන්.... ජින් ඔයත් යන්.... "

අප්පා මාව එක්කන් යද්දි ජින් අපිට කලින් මේන් හෝල් එකට ගියා... මේ මනුස්සයට නම් ඉවසීමක් ඇත්තෙම නෑ... මම හෝල් එකට ඇතුල් වෙද්දි දැක්කේ උතුරු කොරියාවට යන්න උමගක් හාරනවා වගේ කකුලෙන් බිම් පිරිමැද ම්ද වටපිට බලන ජින්ව... අනෙ මන්දා මේ මනුස්සයා දැක්කම මට හිතෙනවා මේ ඉන්නෙ අර කාලෙකට කලින් හිටපු නපුරාමද කියලා... නපුරුකම නම් තාමත් එහෙම්ම තමා... දැනුත් මං ඉදලා හිටලා ඔලුව රත් වෙන්න කනවා 🤧🤧 වලිකන්නෙක්ම තමා.. මගෙත් පපුව අසූහාරදාහට ගැහෙද්දි වටේම හිටපු අයගෙ ඇස් මට යොමු වෙලයි තිබුනේ... මට දැනුනේ පරක්කු වෙලා ලෙක්චර් එකකට ආවා වගෙ කුරිරු හැඟීමක්
.
.
.
.
ඊලගට ගෙවුන විනාඩී කීපයේ මමයි ජිනුයි නීතියෙන් එක්කෙනෙක් උනා... හැමෝම ඉස්සරහා ජින් මගේ වේල් එක අයින් කරලා පුංචි හාදුවක් තිබ්බේ හරිම ආඩම්බරෙන්... වෙඩින් එකේ වැඩ ටික හරි ලස්සනට උනා... ඒ අතරේ වෙනදා වගේම අපේ පිස්සො ටික වෙඩින් එක අතරේ පිස්සු නටන්නත් අමතක කරේ නෑ .

I AM A BAD BOY || KSJ ✔️Where stories live. Discover now