Chapter 03

1.4K 352 21
                                    

ආයිශ් ජින්... තමුසේ පිස්සෙක්ද... ඕකිගේ වැඩේ ඉවර කරලා හිටපන්...

ජින් හිතන ගමන් එතනින් යන්න ගියේ වටේ හිටපු අය දිහත් දවා අලු කරන බැල්මක් දාන ගමනුයි...

" යාහ් ජිනා මොකද්ද ඒ කලේ හරකෝ... මොකටද ඒ කෙල්ලට ගැහුවේ... "

නම්ජූන් කිව්වේ අනිත් ඩබල එක්ක උන් දේ ඈත තියාම බලන් ඉන්න ගමන්...

" මම දන්නේ නෑ බන්... "

" උබ තාම අරක හිතේ තියන්ද ඉන්නේ... නවත්තපන් බන් ඕක දැන්වත්... "

හොබී කිව්වේ ජින්ගේ කරට අතක් දාන ගමන්...

" නවත්තන්නේ කොහොමද බන් ඒකිව දකිද්දි මට ..... "

" හරි හරි බන් උන දේ උනා... උබට ඔච්චර කේන්ති ගන්න දෙයක් උනේ නෑනේ... යමන්ද දැන්වත් අර පාර්ක් කාරයගෙ වැඩේ බලන්න එපැයි.. "

" හ්ම්ම් යමන්... ඕකි ගැන මම පස්සේ බලාගන්නම්කෝ... "

ජින් ඇතුලු අනෙක් පිරිස ගියේ ජින්ගේ ගෙදරට... මොකද අල්ලගන්න කට්ටියව තාවකාලිකව රඳවලා තිබුනේ එතන එයාලගේ මේන් ප්ලේස් එකට යනකන්... ජින්ගේ ගෙදර රඳවන්න හේතුව කොල්ලගේ හැටි දන්න නිසාම කවුරුත් ජින් ඉන්න පලාතක යන්නේ නැති නිසයි...

" අහ් ජින් අද මොකෝ මේ කලින්... ලෙක්චර්ස් නැද්ද අද... "

ජින් අනෙක් අය එක්ක එනවා දැකලා කට්ටියවම හිනාවකින් පිලිගත්තු සේ හී ඇහුවා... ජින් ගානකට නොගෙන යද්දි අනික් තුන් දෙනා වාඩි උනේ සේ හී එක්ක කතා කරන්න හිතාගෙන...

" ඉතින් පුතාලා මොකෝ මේ පැත්තේ... "

" අද ලෙක්චර්ස් නෑ ආන්ටී... අපි පොඩ්ඩක් මේ සෙට් වෙලා පාඩම් කරන්න ආවේ.. "

යුන්ගි කියද්දි අනිත් දෙන්නා මූනට මූන බලාගත්තෙ හිනාව කාගෙනයි...

" පුතාලා යන්නකෝ මම මොනාහරී එවන්නම් කට්ටියට පාඩම් කරද්දි කන්න.. "

සේ හී එහෙම කියලා යන්න යද්දි ජින් පඩිපෙලේ ඉදන් අතින් සන් කරේ කට්ටියට එන්න කියලයි... ජින් තුන් දෙනා එක්කම ගියේ ලයිබ්‍රි එකකට...

පොත් රාක්ක කීපයක් අතරෙන් ඉදිරියට ඇදුනු හතර දෙනා අන්තිමට නැවතුනේ මේසයක් ලග...ජින්ගේ පොත් වගේම පාඩම් කරන දේවල් විතරයි එතන තිබුනේ...

I AM A BAD BOY || KSJ ✔️Where stories live. Discover now