Chapter 06

1.3K 338 6
                                    

" තමුසෙට ඕනේ මගෙ යකා අවුස්ස ගන්නද.. "

ඒ පාර නම් ජින් මහා හයියෙන් බෙරිහන් දෙන්න ගත්තා... මම ලැජාවටම බිම බලාගද්දි ජින් මගේ ඉනවටා අතක් යවලා මගේ අවසරෙන් තොරවම මගේ දෙතොල් වලට බර උනේ හෝල් එකේ හිටපු හැමෝම ඉස්සහා..

ජින්ගේ අනෙක් අත මගේ පිට දිගේ යද්දි මට දැනුනේ මාව පිච්චිලා යනවා වගේ හැඟීමක්.. මගේ ෆස්ට් කිස් එක ජින් බලෙන්ම අරගද්දි මං දැක්කා එයා ඇස් වහන් නිදහසේ ඒ හාදුව විදින බව...

ජින්ගේ දෙතොල් එහෙ මෙහෙ දඟ කරද්දි ටික වෙලාවකට මගෙත් ඇස් පියවුනා.. විනාඩි කීපයක් එහෙම්ම ඉද්දි මට මතක් උනේ අපි ඉන්නේ ලෙක්චර් හෝල් එකේ නේද කියලා.. මම ජින්ගෙන් ඈත් වෙන්න හැදුවත් ජින් කලේ තවත් මගේ දෙතොල් තදින් අල්ලගත්තු එක.. අමාරුවෙන් ජින්ගෙන් ඈත් උන මම ජින්වත් තල්ලුකරලා දාලා යන්න ගියේ හෝල් එකෙන් එලියට...

Pov end...

___________________________________________

Jin's pov --------------------------------

" තමුසෙට ඕනේ මගේ යකා අවුස්සගන්නද... "

මම එහෙම කියද්දි මගේ ඇස් නැවතිලා තිබුනේ ඉයුන් කීගේ රෝස පාට දෙතොල් වල... කෙල්ල බයෙන් බයෙන් වගේ කතා කරද්දි මට ඇස් අහකට ගන්න හිතුනෙම නෑ.. ඒ එක්කම ඉයුන් කීව ඇදලා අරන් දෙපාරක් නොහිතම කිස් කලේ මගේ දේවල් වලට අත තියන්න මම බය වෙන්න ඕනේ නැති නිසයි...

ඒ සිනිඳු දෙතොල් අතරේ මගේ තොල් මම අරන් ගියේ මොහොතකට මගේ අතීතේ නතර වෙන ගමන්... ඉයුන් කී මගෙන් ඈත් වෙන්න යද්දි මම තවත් තදින් ඒ දෙතොල් අල්ලගත්තේ ආයෙම ඉයුන් කී නිසා මට නැති උන දේවල් මතක් වෙද්දියි...

තවත් මාව කන්ට්‍රෝල් කරන් ඉන්න බැරි බව තේරුන නිසා මම ඉයුන් කීගේ දෙතොල් වලින් අයින් උනා... ඉයුන් කී මගෙන් ඈත් වෙලා එහාට යද්දි හිනාවක් එක්ක මගෙ අත ගියේ මගෙ තොල් වලට...

" කවුරුහරි මේක රෙකෝඩ් කරගත්තා නම් ජීවත් වෙන්න තියන ආසාව අතෑරලා දාන්න... "

මම දබර ඇගිල්ල දික් කරලා හැමොටම කියන ගමන් ගියේ ඉයුන් කීගේ පස්සෙන්... ජූන් මගෙ පස්සෙන් එන්න හැදුවත් මම අතෙන් එපා කියලා කියන ගමන් ඉයුන් කීගේ පස්සෙන් ගියා... කෙල්ල නම් හැටට හැටේ දුවන විදියට මට හිනාව නවත්ත ගන්න බැරුව හිටියේ

I AM A BAD BOY || KSJ ✔️Where stories live. Discover now